බීබීසී.
ගාසා තීරයේ රෆා හි පිහිටි සිය නිවස ආශ්‍රිත ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ මාස හත හමාරක ගැබක් දරාගෙන සිටි ගැබිණි මවකගේ කුස ඔත් දරුවා බේරා ගැනීමට ගාසා තීරයේ සහන සේවකයින් සමත් වී තිබිණි.
මිය ගිය මව සබ්රීන් ය. ප්‍රහාරයෙන් සබ්රීන්ගේ සැමියා සහ අනෙක් දියණිය ද මිය ගොස් තිබිණි.
මිය ගිය සබ්රීන්ගේ කුස තුළ ඔත් කිලෝ ග්‍රෑම් 1.4ක් වූ බිළිඳු දියණිය ට මෘදු ලෙස තට්ටු කරමින් හුස්ම ගැනීම උත්තේජනය කර ස්ථාවර තත්ත්වයට පත් කිරීමට වෛද්‍ය වරුන්ට හැකි විය.
අභාවයට පත් මවගේ ජිවිතයෙන් ඉපදුන බිළිඳියට ද සම්බරීන් ලෙස නම් තැබිණි. බිළිඳිය දැන් සිටින්නී ඉන්කියුබේටරයකය. අප්‍රේල් 20 දා එල්ල වූ මෙම ප්‍රහාරයෙන් 19 දෙනෙක් මිය ගිය අතර පලස්තීන සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ ඉන් වැඩි දෙනෙක් දරුවන් බවය. සබ්‍රීන් බිළිදිය දැන් ස්ථාවර වෙමින් සිටින්නීය.
සබ්රින්ට තව මාසයක් පමණ රෝහල්ගතව සිටින්නට සිදුවනු ඇත.
ප්‍රහාරයෙන් පසු ඊශ්‍රයාල හමුදාව බීබීසී වෙත ප්‍රකාශයක් කරමින් මෙසේ කීවේය.
“ නිශ්චිත කාල සීමාවක දී ගාසා තීරයේ ත්‍රස්වාදී සංවිධානවල හමුදා ඉලක්ක කිහිපයක් වෙත ඊශ්‍රයාල ආරක්ෂ හමුදා විසින් පහර දුන්නේය. ඒ අතරට හමුදා ගොඩනැගිලි, ප්‍රහාර දියත් කරන ස්ථාන සහ සන්නද්ධ ත්‍රස්තවාදීන් අයත් ගොඩනැගිලි සහ ත්‍රස්තවාදීන් අයත්ය..