ඉන්දියාවේ Shaurya Aeronautics Pvt. Ltd සහ රුසියාවේ Airports of Regions Management Company යන සමාගම් දෙක වෙත මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කළමනාකාරීත්වය වසර 30ක කාලයක් සඳහා පැවරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2023 වසරේ ජනවාරි මස 09 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ෂවයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමට අනුමැතිය හිමිව තිබිණි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආයතන 05ක් විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර තිබූ බවය.
ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි මෙලෙස මත්තල ගුවන් තොටුපොළේ කළමනාකරණය ඉන්දීය සහ රුසියානු සමාගම් දෙකක් වෙත පැවරීම සඳහා අනුමැතිය හිමිව තිබේ.