රටේ ආර්ථික අර්බුදය විසඳීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සොයා දීම සඳහා ව්‍යවස්ථාමය වෙනසක් සිදුවිය යුතු බව ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරන්දිරන් පවසයි.
ලන්ඩනයේ සිට හිරු මාධ්‍ය ජාලය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබා දීමට සූදානම් නමුත් ඉන් පෙර යහපාලන රජය සමයේ සකසක් කළ ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත කළ යුතු බවට ඔහු යෝජනා කරයි.
පසුගිය රජය විසින් මෙරට ක්‍රියාකාරිත්වය තහනම් කරන ලද ගෝලීය දෙමළ සංසදය ඇතුළු සංවිධාන හයක් සහ පුද්ගලයින් 316ක ගේ තහනම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වූ පසු ඉවත් කරනු ලැබුවේය.
දෙමළ ඩයස්පෝරා කාර්යාලයක් ලංකාවේ විවෘත කිරීමට ජනාධිපතිවරයා යෝජනා කර ඇත.