පාකිස්ථාන රජය විසින් මානව හිමිකම් උල්ලංගනය කිරීම සහ සුළු ජාතීණ් ආරක්ෂා කිරීමත් බලහත් කාරයෙන් ආගමකි ඇදහීම් වෙනනස් කිරීම වැලැක්වීම සඳහා පියවරගත යුතු බවට පාකිස්ථාන සමාජ ක්‍රියාකාරීන් ඉල්ලීමක් කර ඇත.
සමාජ ක්‍රියාකාරීන් මෙම ඉල්ලීම කර ඇත්තේ පසුගියදා කරච්චි පුවත්පත් මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ අවස්ථාවේදීය. මෙම මාධ්‍ය හමුව සඳහා පාකිස්ථාන කාන්තා ක්‍රියාකාරීන්, මානම හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිට ඇත.
මෙහිදී මෙම පිරිස විසින් පකිස්ථාන රජය වෙත ප්‍රධාන ඉල්ලීම් කිහිපයක්ම ඉදිරිපත් කර තිබිණි. එහිදී ඔවුන් සාමූහික ප්‍රකාශක්ද එලි දැක්වීමට පියවරගෙන තිබිණි.
එම ප්‍රකාශයෙන් ඔවුන් පෙන්වා දී සිටියේ, “පකිස්තානයේ නිර්මාතෘ මොහොමඩ් අලි ජින්නා, පාකිස්තානය සාමකාමී රටක් ලෙස නිර්මාණ්‍ය කළ අතර එහිදී , කිසිදු භේදයක්, හෝ ප්‍රචණ්ඩත්වයක් නොමැති සියලු පුරවැසියන්ට අයිතිවාසිකම්, අවස්ථාවන් සහ සැලකීමේ සමානාත්මතාවය භුක්ති විඳිය හැකි අකාරයට රට නිර්මාණය කළේය. එහිදී ජනතාවට තම සිතැඟි පරිදි ඕනෑම ආගමක් පිළිපැදීමට නිදහස උදාකර දී තිබිණි. කෙසේ අද වන විට සුළු ජාතීන් ආකර්ෂාකරන නීති සහ ප්‍රතිපත්ති සඳහා ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට රජයට අවශ්‍ය වේ.” යනුවෙනි.
මෙහිදී සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දී ඇත්තේ පාකිස්ථානය පුරා සුළු ජාතීන් ඉලක්කර දැඩි තාඩන පීඩන එල්ලවන බවයි. එහිදී බොහොමයක් දෙනා බලහත්කාරයෙන් තමන් අදහන ආගම වෙනස් කිරීමට ඇතැම් පාර්ශවයනි කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බලධාරීන් දැණුම්වත් කළද ඊට නිසි අවධානයන් හිමි වෙනන තත්ත්වයක්ද ඇතැම් විට පැමිණිලිකාර පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම් සහ අගතිය පත්වූ පාර්ශවයන් හට සිර දඬුවම් විදීමට සිදුව ඇති බවද එහිදී පෙන්වා දෙනු ලැබීය.
ඒ අනුව වහාම සෑම පුරවැසියකෙුටම නිදහසේ ජීවත්වීමට අවස්ථාව සලසා දීමට රජය පියවර ගතයුතු බවද එහිදී වැඩිදුරටත් ඉල්ලා සිට ඇත.