ලලිත් චාමින්ද –
යතුරුපැදියකින් පැමිණ තිදෙනෙකු විසින් ගිංතොට පියදිගම සුදර්ශනාරාම මාර්ගයේ සිටි පුද්ගලයකු ඉලක්කකරගෙන අද (16) උදැසන වෙඩි තබා ඇතත් ඔහුට වෙඩි වැදී නොමැති බව ගාල්ල පොලිසිය පවසයි.
පිස්තොලයින් වෙඩිතබා ඇති බවට සැකකරන අතර ඉල්ලකය වැරදිමත් සමග යතුරුපැදියෙන් පැමිණි තිදෙනා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
වෙඩි ප්රහාරයත් සමග මාර්ගය අසල සිටි පුද්ගලයා දිවගොස් ඇත. ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපති ද සිල්වා ගේ මෙහෙයවිම යටතේ වැඩිදුර පරික්ෂණ පැවැත්වේ.