දිනසේන රතුගමගේ –
යාපනයේ අච්චුවේලී කලනෙයි ගම්මානයේ නිවසක කුකුල් කොටුවක උපන් කකුල් හතරේ කුකුළු පැටවා අද (16) මිය ගියේය.
යාපනයේ සත්ව හා සත්ත්ව අහාර නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කරන්නේ කුකුල් පටවාගේ සිරුරට වෛරසයක් ඇතුළු වීම නිසා කුකුල් පටවා මියගොස් අති බවය.
කුකුළු පැටවා බිහි වීමෙන් පසුව එම නිවස වෙත ගිය විශාල පිරිසක් කුකුල් පැටවා අතට ගෙන කකුල් හතර ගැන පරීක්ෂා කිරීම නිසා එම පිරිස් අතරින් කුකුල් පැටවාට වෛරසයක් ඇතුළු වන්නට ඇති බවද එම නිලධාරීන් සදහන් කරයි.
කුකුල් පැටවා ඉපදී දින තුනක් අනෙක් කුකුල් පැටවුන් සේ ඉතාම නීරෝගීව හා කාර්යක්ෂමව සිටි නමුත් හතර වන දිනයේදී කුකුළු පැටවා මියගොස් තිබේ.