ලලිත් චාමින්ද-
බාලවයස්කාර පිරිමි දරුවන් ලිංගික ක්‍රියාවලට යොදාගැනීම සහ ඒ දර්ශන විඩියෝගත කර අසභ්‍ය වීඩියෝපට නිර්මාණය කර විදේශ ලිංගික වෙබ් අඩවි වෙත අලෙවි කිරීමේ චෝදනාමත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ උණවටුණ මැටරඹ සතරමහාදේවාලයේ ප්‍රධාන කපුවා ගාල්ල බන්ධනාගාරයෙන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකරයැවිමට කටයුතු කළ බැව් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.
දේශමාන්‍ය ආචාර්ය පදවි සහිතව මැටරඹ සතර මහා දේවාලයේ ප්‍රධාන දේවගැතිවරයා ලෙස පෙනී සිටි කීර්ති කුමාර බටගොඩ නැමැති මෙම කපුවාගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගෙන ඔහු ඊයේ (15) පස්වරුවේ දි ගාල්ල බන්ධනාගාරයේ සිට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකරයැවිමට කටයුතු කළ බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
බලාවයස්කාර සිසුන් අපයෝජනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබු මෙම කපුවා මෙම මස 23 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාරගතකොට තිබුණි.