ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලිය සඳහා ඉන්දීය රජයේ සහ තමන්ගේ උපරිම සහයෝගය ලබා දෙන බවට එරට මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පවසයි. ඊයේ (20 පස්වරුවේ ඉන්දීය මහ කොමසාරිස් මොරගොඩ මහතා, නවදිල්ලියේ පිහිටි මුදල් අමාත්‍යාංශ කාර්යාලයේදී අමාත්‍යවරිය හමුවූ අතර ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථීක අර්බුදකාරී වාතාවරණය මැද මුදල් අමාත්‍යවරිය මුණ ගැසී ද්වී පාර්ශවික සහයෝගීතාවය ගැන අලූත් වටයකින් මෙහි දී සාකච්ඡා කර ඇත.
ඉකුත් මැයි 27 වැනිදා මුණ ගැසුණ අවස්ථාවේ දී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහය සහ යල කන්නයේ වී ගොවිතැනට අවශ්‍ය කරන යූරියා මෙටි්රක් ටොන් 65,000ක් කඩිනමින් ආනයනය කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කරන ලද අතර එම ඉල්ලීම ට අනුව පොහොර ආනයනය සඳහා පමණක් වෙනම ඩොලර් මිලියන 55 ක ඉන්දීය ණය මාර්ගයක් කඩිනමින් සකස් කිරීම පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ මහතා අමාත්‍ය සීතාරාමන්මහත්මිය වෙත මෙහි දී වෙත නැවත වරක් සිය කෘතඥතාව පළ කර ඇත. මෙම පොහොර තොගය ලබන ජුලි 01 වැනි දිනය වන වන ඔමානයේ සිට කොළඹට ළගාවනු ඇත..