බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතුරලියේ රතන හිමිගේ සිවුර ගැලවෙයි… රෝයල් පාරක් තරුණයා නිදහස් වුන හැටි හිටපු ජනපති කියයි …

මීයක් කඩා අත ලෙවකෑවේ නැති අතුරලියේ රතන හිමි ගේ මෙතෙක් හෙළි නොවුණු කතාව...

by editor
ජූනි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • ජයමහ පවුලෙ අයත් එක්ක මටත් නොදන්වා හිටපු ගමන් ඇවිත් නිදහස් කරලා දෙන්න කියලා කරදර කරනවා… හත් අට වතාවක් ආවා…

  • ඒ අය ක්‍රිස්තියානි පවුලක්… රතන හිමි එක්ක ඒ සම්බන්ධය හැදුනෙ කොහාමද කියලා දන්නෙ නෑ… ඒත් මම කළේ මට ඔවුන් දුන්න ලිපි ටික බන්ධනාගාර දෙපාර්තමේන්තුවට යොමු කළ එකයි…

  •  තරුණයා නිදහස් වුනාට පස්සේ මම සල්ලි ගත්තා කියලා කතාව ගියා. බුද්ධි අංශවලට කිව්වා හොයන්න කියලා. එතකොට හෙළි වුනා පවුලෙන් යම් කිසි කෙනෙක් විශාල මුදලක් අරන් තියනවා කියලා… නමුත් ඒ මා නොවෙයි..

  • මේ නිදහස් කරගැනීමට විශාල ලෙස උනන්දුවුන පුද්ගලයින් ඒ මුදල් ගන්න ඇති කියලා මා විශ්වාස කරනවා… මේ ගැන කරන්න හැදුව පරීක්ෂණය නැවැත්තුවේ ඒ අය…

වදයක් තරමටම එල්ල වුණු   අතුරලියේ රතන හිමියන්ගේ  බලපෑම හේතුවෙන් තමන් රෝයල් පාක් ඝාතන සිද්ධියට සම්බන්ධ තරුණයා  නිදහස් කිරීම සම්බන්ධව, සිරකරුවෙකුට සමාව ලබා දෙන සම්මත පටිපාටියට කටයුතු කළ බවත්  පසුව කරන ලද පරීක්ෂණවල දී හෙළි වුනේ එම තරුණයාගේ පවුලෙන් යම් මුදලක් කවුරුන් හෝ කෙනෙක් අරගෙන ඇති බව නමුත් ඒ තමන් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ දෙරණ 360 වැඩසටහනට එක් වෙමින් පැවසුවේය.

හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ඒ මුදල යන්නට ඇත්තේ මෙම තරුණයාගේ පවුලේ අයවලුන් හා පැමිණ තමන් ඉදිරියේ මේ තරුණයා නිදහස් කර දෙන ලෙස පුදුමාකාර බලපෑමක් සිදුකළ පාර්ශවයන්ම විය හැකි බවය.

රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ තරුණයා නිදහස් කර තමන් රුපියල් කෝටි ගණනක් එම පවුලෙන් ලබා ගත් බවට සමාජගත වූ සිද්ධිය සම්බන්ධව සොයා බැලීමේ දී උක්ත කරුණු හෙළිදරවු වුන බව කී හිටපු ජනාධිපතිවරයා මේ සම්බන්ධව නියමිත පරීක්ෂණයක් කිරීමට කටයුතු කරද්දී  රතන හිමි වියරුවෙන් මෙන් හැසිරුණ බව කීවේය.

ඒ වනවිට සිය ධුර කාලය අවසන්වීමට ආසන්න වීමත් දේශපාලන අස්ථාවර භාවයත් හේතුවෙන් නියමිත පරීක්ෂණයක් කරගත නොහැකි වූ බවත් ජනාධිපතිවරයා හෙළි කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධව කළ සම්පූර්ණ පැහැදිලි කිරීම මෙසේය.

“රෝයල් පාර්ක් තරුණයගෙ කතාව පිළිබඳ සමාජය තුළ ගොඩනැගිලා තියන මතය  සම්පූර්ණයෙන්ම වැරදියි. රෝයල් පාර්ක් තරුණයා ඔය කියන කාලය වනවිට සිර දඬුවම් විඳලා තියනවා අවුරුදු 12ක්. ඒ අවුරුදු 12 තුළ ඔහු ඉතාම හොඳ චර්යාවෙන් ඉඳලා තියනවා“

“  ජනාධිතිවරයෙක් ලෙස හිර ගෙවල්වලට මං තරම් ගියෙ නෑ කවුරුත්. සිරකරුවන්ගේ දුක් ගැනවිලි  බලන්න.  හිරගෙවල් අපායවල්…  හිර ගෙදරක තත්ත්වය එළියෙ ඉන්න අය දන්නෙ නෑ. එහෙම ගිහින්  එක සැරේ හත්සීය අටසීය මම නිදහස් කරලා තියනවා.“

“වෙසක් එකට සිංහල අවුරුද්දට නෙමෙයි. තරුණයො ඉන්නවා අවුරදු17 -18 ළමයි. දුකේ බෑ බලනකොට.  වැලිකඩ 700ක් එක වර නිදහස් කළා. නිදහස් කරලා කතාවකුත් පවත්වලා කිව්වා ඔය අය එළියට ගිහින් හරියට හිටියොත් තමයි ඇතුළෙ ඉන්න අයටත්  නිදහස් වෙන්න පුලුවන් කියලා.“

රතන හාමුදුරුවන්ගේ පැමිණීම

මේ විදිහ මා සිරගෙවල්වල ගිහින් සිරකරුවන් නිදහස් කරමින් යනකොට  මාව හම්බවෙන්න ආව අතුරලියේ රතන හාමුදුරුවො. අතුරලියේ රතන හාමුදුරුවො ආවෙ තනියම නෙමෙයි.  මට කියන්නෙත් නැතිව රෝයල් පාර්ක්  තරුණයාගේ පවුලේ අයත් එක්කයි ආවෙ.

පැජට් පාරෙ නිවසට ආවා. ඇවිත් ලොකු ලියුම් මිටියක් අරන් ඇවිත්  කිව්වා දැනට අපේ පුතා අවුරුදු 12ක් හිරේ ඉන්නවා. ඒ කාලය ඇතුළෙකිසිම වරදක් කරලා නෑ. ඒ වගේම උපාධිය සමත් වෙලා තියනවා. දැන් පශ්චාත් උපාධියට ලියාපදිංචි වෙලා පාඩම් කරනවා. ඒ නිසා මෙයාව නිදහස් කරන්න කියලා ඉල්ලීම  කළා. මම ඒක සත පහකට ගණන්  ගත්තෙ නෑ. සද්ද නැතිව ඒ කඩදාසි ටික තියලා නිකම් හිටියා.“

“ මම මේ තරුණයා දැකලත් නෑ. රෝයල් පාර්ක් තරුණයාගේ පවුලේ අය සහ අතුරලියෙ රතන හාමුදුරුවො ඇවිත් ගියාට පස්සෙයි මම ඔවුන් දන්නෙත්.  මේ අතරෙ  වරින් වර රතන හාමුදුරුවො එනවා රෝයල් පාර්ක් පවුලේ අයත් එක්ක. සමහරදාට රෑ අටට නවයටත් එනවා. ගේට්ටුවෙන් කියනවා රතන හාමුදුරුවො ඇවිත් ඉන්නවා කියලා කියලා. හාමුදුරුවො ඇවත් කියනවා කොහොම හරි මේක කරලා දෙන්න කියලා. “

උන්වහන්සේට මේ ගැන තිබුණු උනන්දුව ගැන මට කියන්න බෑ. ඒ පවුල ක්‍රිස්තියානි පවුලක්. උන්වහන්සෙට තිබුණ සම්බන්ධය මොකක්ද කියලා මට කියන්න බෑ.

බිෂොප්වරු හිටපු නඩු කාරයො නායක හාමුදුරුවරු ලියුම් දීලා තිබුණා.

ඊලඟට දැනට අපවත් වෙච්චි බැද්දෙගම සමිත හාමුදුරුවොත් මාව හම්බවෙන්න ඇවිත් ලියුමක් දුන්නා. රතන හාමුදුරුවොයි ඒ කණ්ඩායමයි හම්බවෙන්න ඇවිත් දුන්න ලියුම් අතරෙ තිබුණා සමහර බිෂොප්වරුන්ගෙ විශ්‍රාමික නඩුකාරයින්ගෙ නායක හාමුදුරුවරුන්ගෙන ලිපි ගොඩාක්.

හතර පස් සැරයක් ඇවිත් මේ පවුලෙ අයත් එක්ක බේරිල්ලක් නෑ. එහෙමනම් මම මේ කඩදාසි යොමු කරන්නම් කියලා අධිකරණ අමාත්‍යාංශයට ලියුම් ඇරියා.

අධිකරණ අමාත්‍යාංශයට ලියුම් ඇරියම අධිකරණ අමාත්‍යාංශයෙ තියනවා සිරකරුවන් පිළිබඳ සුබසාධන සංවිධානයක්. ඒකෙ ඉන්නවා අපරාධ විද්‍යාව පිළිබඳ මාහාචාර්යාවරු, අමාත්‍යාංශ ලේකම්වරු හිටපු නඩුකාරවරු හිටපු බන්ධානාගාර කොමසාරිස්වරු ඉන්න කමිටු ගණනාවක්.

මේ ලියුම් අධිකරණ අමාත්‍යාංශයට  දැම්මම යන්නෙ ඒ කොමිටිවලට. ඒ කොමිටිය යවනවා  මේ ලියුම් ටික බන්ධනාගාර කොමසාරිස්ට. බන්ධනාගාර කොමසාරිස් මේ ලියුම් බලලා අධිකරණ අමාත්‍යාංශයට එව්වා මේ තරුණයාගේ කල්ක්‍රියාව හොඳයි . සිර ගෙදරදි උපාධිය පාස් වුනා. පශ්චාත් උපාධියට ලියාපදිංචි වෙලා පාඩම් කරනවා. ඔහුගේ කල්ක්‍රියාවෙන් මොහු  නැවත අපරාධ කරයි කියලා විශ්වාස කරන්නෙ නෑ.

ඒ මත පදනම්ව  නිදහස් කිරිම නිර්දේශ කරනවා කියලා බන්ධනාගාර කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ලියුමක් ආවා.

ඒක අධිකරණ අමාත්‍යාංශයට යන්නෙ. අධිකරණ අමාත්‍යාංශයෙන් මට කතා කරලා කිව්වා මෙයා බීමත් කමින් මේ අපරාධය සිද්ධ කරලා තියන වග ඇත්ත. උපාධිය කළා.  පශ්චාත් උපාධිය කරනවා. බන්ධනාගාරය කියනවා ඔහු අපරාධ කරයි කියලා නැවත හිතන්න බෑ කියලා. ඒ අනුව මෙයා නිදහස් කිරිම සුදුසුයි කියලා. එහෙම කියලා අධිකරණ අමාත්‍යාංශයෙන් එව්වා. “

“මගෙත් ඉන්නවා නීතිඥවරු. මම එයාලට කිව්වා. ඔවුනුත් මට කිව්වෙ  දැන්නම් මේයා  නිදහස් කළාට ප්‍රශ්නයක් නෑ කියලා. ඊට පස්සෙයි මම අත්සන් කළේ.“

“කාලයක් යනකොට මේ ගැන නොයෙක් වැරදි මත සමාජගත වෙන්න ගත්තා. මේ තරුණයා නිදහස් කරන්න කෝටි 800ක් ගත්තා කියලත් කිව්වා. ඉතින් මම ඒ කාලෙ බුද්ධි අංශ නිලධාරී මහත්වරුන්ට කිව්වා මේ විදිහෙ කතාවක් යනවා රෝයල් පාර්ක් ළමයව නිදහස් කළ එකට මා විශාල මුදලක් ගත්තා කියලා. ඒ ගැන ටිකක් හොයන්න කියලා. “

“ඉතින් ඇත්තටම පස්සෙ හොයාගෙන යනකොට පවුලේ අයගෙන් යම් කිසි මුදලක් කාට හරි දීලා තියනවා. මම නම් සත පහක්වත් අරගෙන නෑ. ගන්නෙත් නෑ.  හැබැයි කවුරු හරි අරන් තියනවා.“

“මේ සම්බ්න්ධව බොහෝ සේ උනන්දු වුනේ ඒ  සල්ලි ගත්තු කට්ටිය වෙන්න පුලුවන්. මේක පසුව මම මේක පරීක්ෂණයකට ලක් කරන්න ගියාම බොහෝ ප්‍රශ්න මතු වුනා. මාව ඇවිත් හම්බවෙච්චි අය නොයෙකුත් විදිහට හැසිරෙන්න ගත්තා. ඉතින් මම ඒ ගමන අල්ලලා දාලා නිකම් හිටියා.“

“නමුත් සමාජ ගත වෙලා තියෙන්නෙ මේ ළමයව නිදහස් කරන්න මම සල්ලි ගත්තා කියලා.  මේ සිද්ධිය ගැන මම හරිම කණගාටු වෙනවා. මොකද මගේ දේශපාලන ජිවිතයේ   සත පහක්වත් වංචා කළ කෙනෙක් නෙමෙයි. “

“එතන වැරැද්දක් වෙලා තියන බව මටත් පේනවා.“

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුව සතියක් වර්ජනය කරන හේතුව අනුර කියයි…

Next Post

ශ්‍රි ලංකා මහ කොමසාරිස් මොරගොඩ සහ ඉන්දීය මුදල් ඇමතිනිය අතර  අලුත් සාකච්ඡා වටයක් ! 

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.