සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුව සතියක් වර්ජනය කරන හේතුව අනුර කියයි…

by editor
ජූනි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මේ ආණ්ඩුව රට හමුවේ ඇති අර්බුදය විසඳන ආකාරය සම්බන්ධව නිශ්ඡිත මාර්ග සිතියමක් නොමැතිව මේ පාර්ලිමේන්තුව  පවත්වා කිසිම ප්‍රයෝජනයක් නැති බවත්,  එම වැඩපිළිවෙළ ඉදිරිපත් කරන තුරු මේ සතිය තුළ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ තීරණය කර ඇති බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

ඔහු පවසන්නේ දරුවන් බෙහෙත් නැතිව මිය යන විට, මිනිස්සු ගෑස් පොලිම්වල වැටී මිය යන විට රටම යන්න කියන අසමත් ජනපතිවරයා රට විසින් පන්නා දැමු පුද්ගලයෙක් අගමැති කරගෙන කරන මේ විකාර රූපී දේශපාලනය රට තවත් අගාධයට යවන බවත්ය.

“ මේ අර්බුදය මතුවෙලා මාස ගණනාවක් දැන් පාර්ලිමේන්තුව රැස් වුණා. මේ පාර්ලිමේන්තුවෙ සිදුවන විවාද කතා බහ කිසිවක් ජනතාවගේ ජන ජීවිතය අබමල් රොණකින් හෝ බලපෑමක් කිරීමට සමත් වී නෑ.“

“ඒ නිසා තවදුරටත් මේ පාර්ලිමේන්තුව මේ රටේ ජනතාව ගේ හඬ හෝ ජනතාවගේ වුවමනාවන් නියෝජනය නොකරන මධ්‍යස්ථානයක් බවට පත් වී තිබෙනවා.“

“විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු සභාගර්භයේ මේ විදිහට රැස්වුනාට එළියෙ තිබෙන අඳෝනාව කුමක් ද . දරුවන් බෙහෙත් හිඟකම හේතුකොට ගෙන රෝහල්වල මිය යන තත්වයත් මතුවෙලා. සාමාන්‍ය පුරවැසියන් තෙල් පෝලිම්වල මිය යන තත්ත්වයක් ඇතිවෙලා තියනවා. ගොවියන් සිය නාටු වුණ කුඹුර දිහා බලාගෙන හූල්ලමින් ජීවත් වෙනවා. ඉදිකිරිම් කර්මාන්තය මුළුමනින්ම නවත්වන්න තීන්දුවක් අරන්. ඍජු රැකියා ලක්ෂ 03ක් වක්‍ර රැකියා ලක්ෂ 10ක් නැතිවෙලා. මේ සියල් බිඳ වැටිලා. අධි උද්ධමනයක් රට තුළ ඇතිවෙලා. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ජනතාව විශාල අර්බුදයක. ඒ අර්බුදයේ වේදනාව පාර්ලිමේන්තුවේත් පාර්ලිමේන්තුවෙන් පිටත් ප්‍රකාශ වුනා.  විශාල උද්ඝෝෂණ මාලාවන් දියත් වෙලා තිබුණා. මුලුමනින්ම කේන්ද්‍රගත වුනේ ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා.  එය ඉතා සාධාරණයි. “

මේ ප්‍රශ්නය ඉදිරිපත් කරන සෑම වෙලාවකම ඒ ප්‍රශ්නයට ඇහුම්කන් දුන්නෙ නෑ. උඩඟු උද්දච්ච මනෝ භාවයක් සහිතව මම තමයි හොඳටම කළේ වගේ මනෝ භාවයිකන් හිටිය. රට මේ තරම් අගාධයක වැටිලා තියනවා නම් ඉන් කියැවෙන්නේ මේ නායකයා වගකීම භාරගන්න සුදුසු නැති බවයි. වගකීම්  ඉටු නොකරන හිස් පඹයෙක් උඩඟු මිනිහෙක් ජනතාවට උඩින්  නැගී සිටිනවා නම් ඔහුට ගෙදර යන්න කියන යෝජනාව  අතිශය  සාධාණයි.

මේ අර්බුදය මතුවුණ වෙලාවෙදි  මහා නායක හාමුදුරුවරුන් යෝජනාවලියක් ඉදිරිපත් කලා. නීතඥ සංගමය යෝජනාවක් ඉදිරිපත් කලා. දේශපාලන පක්ෂ යෝජනා ඉදිරිපත් කළා. ඒ හැම යෝජනාවකම තිබුණා නිශ්ඡිත ඉලක්කයක්.  දිශානතියක් තිබුණා. අන්තර් කාලයක් තිබුණා.

ඒ සියල්ල තිබෙද්දී අගමැති ජනපති හොර රහසේ ආණ්ඩුවක් හැදුවා. හරියටම දින පනස් දෙකේ ආණ්ඩුව වගේ. ඒ ආණඩුවේ අගමැති  අර්බුදයේ ප්‍රකාශකයා වෙලා විසඳනවා වෙනුවට.

අද අර්බුදය ඔඩු දුවලා.  මේ ජනාධිපති ගැනවත්, අගමැති ගැනවත්,  පාර්ලිමේන්තුව ගැනවත් අබමල් රොණක විශ්වාසයක් ජනතාවට නෑ.

මේ අර්බුදය විසඳන ආකාරය ගැන නිශ්චිත මාර්ග සිතියමක් ඉදිරිපත් නොකර  අගමැති ජනපති ප්‍රමුඛ මේ ආණ්ඩුව  තව දුරටත් මේ පාර්ලිමේන්තුවෙ කාලය කා දැමීම වැඩක් නෑ.    වැඩ පිළිවෙළක් ඉදිරිපත් නොකර  අගමැති ජනපති බල පොරය හරහා මතුවන මේ   විසුළු දේශපාලනය නතර කළ යුතුයි.

ඒ නිසා අර්බුදයෙන් ගොඩ ඒම සඳහා  නිශ්චිත  මාර්ග සිතියමක් ඉදිරිපත්  සිදුකරන තුරු   විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ තීර්ණය කරලා තියනවා පාර්ලිමේන්තුව වර්ජනය කරන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජබ පාර්ලිමේන්තුව වර්ජනය කරයි…

Next Post

අතුරලියේ රතන හිමිගේ සිවුර ගැලවෙයි… රෝයල් පාරක් තරුණයා නිදහස් වුන හැටි හිටපු ජනපති කියයි …

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.