සමගි ජන බලවේගය අද සිට පාර්ලිමේන්තුව වර්ජනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළේය.
මිනිස්සු පෝලිම්වල දුක් විඳින මොහොතේ ගෑස්වලිනුත් සොරකම් කරන ඖෂධ ටිකෙන් හොරා කන ජනතාව අන්ත පීඩාවට පත් කර ඇති මේ ආණ්ඩුව පාර්ලිමේනතුව හෑල්ලු කර ඇති බවත් ජනතාවගේ දුක නොතේරෙන ආණ්ඩුවට ජනතා ප්‍රශ්නවලට විසඳුම් නැති නිසා මේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බවත් ඔහු පැවසුවේය.
විපක්ෂ නායකවරයා මෙසේත් පැවසුවේය.
“මේ හොර කුපාඩි ආණ්ඩුවක්.ඔළුගෙඩි මාරු කරගෙන දැන් සැප විඳිනවා. නමුත් රටේ ලක්ෂ 220ක් ජනතාව අනාතයි. රටේ ජනතාවගේ හඬ නියෝජනය කරන්න හදන විට ගිරා පෝතකයෝ කෑ ගහනවා. වහල්ලු කෑගහනවා.
“අද අපි මේ පාර්ලිමේනතුවෙ රැස් වෙනවා. මොකක්ද ලක්ෂ 220 තියන ප්‍රතිඵලය. ගෑස් ටික ලැබෙනව ද?. භූමි තෙල් ටික ලැබෙනව ද?. පෙට්‍රල්ටික ඩීසල් ටික කිරිපිටි ටික පෝර ටික ලැබෙනව ද?. අද ජීවන වියදම අහස උසට ගිහින්. මේ දුක තේරෙන්නෙ නැද්ද. මේ රැස්වීමෙන් මේ පාර්ලිමේන්තුව මෙලෙස රැස්වීමෙන් රටේ ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ වෙනවද?. මේ ආණ්ඩුවට හිතක් පපුවක් නැද්ද. සංවේදී නැද්ද. හදත උණු වෙන්නෙ නැද්ද. අම්මලා තාත්තලා මෙතන නැද්ද.‘
“ඒ නිසා සමගි ජන බලවේගයත්, සමගි ජන සන්ධානයත් විපක්ෂයේ සියලුම ප්‍රගතිශීලී කණ්ඩායම් තීන්දුවක් අරන් තිබෙනවා මේ රටේ ජනතාවගේ කැක්කුම තේරෙන්නෙ නැති මේ ගිරා පෝතක බොරු කියන ජනතාව රවට්ටන ආණ්ඩුව මේ බොරුවට අපි ඇන්දෙන්නෙ නෑ. “
“මේ සතියේ මේ පාර්ලිමේන්තුව අපි වර්ජනය කරනවා. ජනතාවගෙ පැත්තෙන් ගිහින් හිට ගන්නවා.“