21වැනි ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ සංශෝධන සියල්ල පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිතව ජන මත විචාරණයකින් අනුමත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
එම තීන්දුව පාර්ලිමේන්තුවේ දී කතා නායක මහින්ද යාපා අබේවර්ධන අද (21) ප්‍රකාශ කළේය.
මෙම අධිකරණ තීන්දුව ලැබෙන්නේ සමගි ජන බලවේගය පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 21 වැනි ව්‍යවස්ථා සංශොධනයට රැගෙන ආ සංශෝධන යෝජනාවන් සඳහාය.
කෙසේ වෙතත් තීන්දුව ලැබෙන්නේ කැබිනට් අනුමැතිය ලද අධිකරණ ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට නොවේ.
එම කෙටුම්පත සකස් කර ඇත්තේ ජන මත විචාරණයකට තුඩු දෙන සියලු යෝජනාවන් ඉවත් කර පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ අන්තර්ගත කර බව අධිකරණ ඇමතිවරයා පැවසුවේය.
අධිකරණ තීන්දුව ඉහත දිගුවේ දැක්වේ…Announcement – Sinhala