කීර්ති ප්‍රනාන්දු –
හලාවත කොක්කවිල පාසලේ එන්නත්කරණ මධ්‍යස්ථානයේ දී වයස අවුරුදු 18න් පහළ පිරිසකට ෆයිසර් එන්නත් ලබා දුන් බවට කියන සිද්ධියට අදාල වෛද්‍යවරයෙක් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවකට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීම් ලබා දුන් බව පුත්තලම් දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු පැවසුවාය.
ඊට අමතරව එම සිද්ධිය පිළිබඳව ඉතා පුළුල් විමර්ශනයක් මේ වනවිටත් ආරම්භ කර ඇති බව ඇය කීවාය.
සිද්ධියට සම්බන්ධ වැරදි සහගත රාජකාරි කළ සියලුම නිලධාරීන්ට තරාතිරම නොබලා ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය පැවසුවාය.