අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ජනාධිපතිවරණය තෙක් විකිණිල්ල නවත්වන්න… මහින්ද රනිල්ට දන්වයි!

by Lankasara News
මැයි 12, 2024
in දේශපාලන, පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුවිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  ප්‍රකාශ කරයි.

රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිණීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා අද (12) දින මේ බව සඳහන් කළේය.

ඒ අනුව තමන්ගේ රාජ්‍ය පාලන කාලය තුළදී රාජ්‍ය දේපල හා ව්‍යාපාර කිසිවක් විකිණීමකට ලක් නොකළ බවත් පෙර ආණ්ඩු විසින් විකුණා දැමූ රාජ්‍ය ව්‍යාපාර නැවත රජයට පවරා ගැනීමටද තමන් පියවර ගත් බව හෙතෙම එම නිවේදනයේ සඳහන් කර ඇත.

එම සම්පූර්ණ නිවේදනය, පහත දැක්වේ.

“රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගණිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු මහජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇත. වත්මන් ආණ්ඩුවේ මෙම පියවරට පාදක වී ඇත්තේ පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා වන වියදම් අවම කිරීමට සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි සපුරාලීමට බව පෙනෙන්නට තිබේ. මම 2005 නොවැම්බරයේ සිට 2015 ජනවාරි දක්වා සම්පූර්ණ වසර නවයකට වැඩි කාලයක් රට පාලනය කළ සමයේ රජය සතු කිසිදු දේපලක් හෝ ව්‍යාපාරයක් විකුණුවේ නැත. ඒ වෙනුවට සිදුවූයේ කලින් ආණ්ඩු විසින් විකුණා තිබූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිට්ල්ස් වැනි ආයතන කිහිපයක් මගේ රජය විසින් නැවත රජයට පවරා ගැනිමය. එම ආයතන අදටත් ලාභ ලබමින් රජයේ අයිතිය යටතේ පවතී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රාජ්‍ය දේපල හා ව්‍යාපාර සම්බන්ධයෙන් මගේ රජයට තිබුනේ ප්‍රයෝගිකවාදී ප්‍රවේශයකි. යම් රාජ්‍ය ආයතනයක් ලාභ ලබනවා නම් සහ එමගින් මහජනතාවට හොඳ සේවාවක් ලබා දෙනවා නම් එය පෞද්ගලීකරණය කිරීමට කිසිදු හේතුවක් අපි නොදුටුවෙමු. ඇතැම් අවස්ථාවලදී, සමස්ත ආර්ථිකයේ උන්නතිය සඳහා නැතිනම් අඩු ආදායම්ලාභී කණ්ඩායම්වලට උපකාර කිරීම සඳහා රජය සතු ආයතන විසින් නිෂ්පාදනය කරන ඇතැම් භාණ්ඩ හා සේවා වල මිල පාලනය කිරිමට රජය උපායමාර්ගික තීරණ ගනු ලබයි. බලශක්ති ක්ෂේත්‍රය මෙයට හොද උදාහරණයකි. යම් නිශ්චිත ආර්ථික ක්‍රියාකාරකම් සඳහා උපාය මාර්ගික සහනාධාර නොදෙන රජයක් ලෝකයේ නැත.

මා ජනාධිපති ධූරයේ සිටි සමයේ, එවන් මිල පාලනයක් නිසා ඇතැම් රාජ්‍ය ආයතන පාඩු ලැබූවද, අපේ ආර්ථික කළමනාකරණය තුලින් වසර නවයක අඛණ්ඩ ආර්ථික වර්ධනයක් රටේ ඇති විය. ඒ කාලයේ අපේ ණය ගෙවීමට හෝ අපි පවත්වාගෙන ගිය සහනාධාර වල වියදම් පියවීමට අපට කිසිදු අසීරුතාවයක් නොතිබුණු අතර, මා ජනාධිපතිව සිටියදී කිසිවකු රජයේ දේපළ හා ව්‍යාපාර පුද්ගලීකරණය කිරීමක් ගැන කතා කළේවත් නැත. ඇතැම් සේවාවන් පෞද්ගලීකරණය කිරීමෙන් රටට දීර්ඝ කාලීන ප්‍රතිවිපාක ඇති විය හැකි බැවින්, විශේෂයෙන්ම විදේශීය පාර්ශව හවුල් වන අවස්ථා වලදී මේ සම්බන්ධයෙන් කටයුතු කල යුත්තේ ඉතා ප්‍රවේසමෙනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළියේදී යෝජනා වූ පරිදි , රජයට අයත් ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කිරීම සිදුවිය යුත්තේ, උපරිම පාරිදෘශ්‍ය භාවයකින් යුක්තව, ජාතික සැලැස්මකට අනුව, ජාතික ආරක්ෂාවට බාධාවක් නොවන පරිදි, සේවක පක්ෂයේ අදහස් ද සැලකිල්ලට ගනිමින් ය .

එසේ පවසන අතරතුරම , රාජ්‍ය අංශයේ ආයතනවල පෞද්ගලික අංශයේ සහභාගීත්වය සම්බන්ධයෙන් වෘත්තීය සමිති යම් නම්‍යශීලී ප්‍රවේශයක් ගත යුතු බවද අවධාරණය කිරීමට මම කැමැත්තෙමි. පෞද්ගලීකරණය සම්බන්ධයෙන් ඇති ශබ්ද කෝෂ නිර්වචනය අනුව යමින්, යම් රාජ්‍ය ආයතනයක හිමිකාර ව්‍යුහය තුළ හෝ පාලන ව්‍යුහය තුළ පුද්ගලික අංශයේ ඕනෑම මැදිහත්වීමක් පුද්ගලීකරණය කිරීමක් ලෙස නිර්වචනය කළ හැකිය. කෙසේ වෙතත්, රජය සතු ව්‍යාපාරයක් සඳහා විදේශීය හෝ පෞද්ගලික අංශයේ ආයෝජන ලබාගැනීමට ගන්නා සෑම උත්සාහයකටම වෘත්තීය සමිති විරුද්ධ නොවිය යුතුය. එවැනි කාරණා සම්බන්ධයෙන් ප්‍රායෝගික සහ මතවාදීමය නොවන ප්‍රවේශයක් අවශ්‍ය වේ.

ප්‍රයෝජනයට නොගත් රජයේ දේපලක් නැතිනම් නිරන්තරයෙන්ම පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාරයක් තිබේ නම්, එවැන්නක් ගොඩ දැමීම සඳහා පුද්ගලික අංශයේ හවුල්කාරීත්වයක් ලබා ගැනීම අර්ථවත් ක්‍රියාවකි. ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාරයකට නව අංගයක් එක් කිරීමට තවත් ආයෝජනයක් අවශ්‍ය නම් සහ එම වියදම දැරීමට රජයට නොහැකි නම්, අදාළ ආයෝජනය කිරීමට හැකියාවක් ඇති දේශීය හෝ විදේශීය ආයෝජකයෙකුට අදාළ ව්‍යාපාරයේ කොටස්වලින් යම් ප්‍රමාණයක් පවරා අවශ්‍ය ආයෝජනය කරවා ගැනීම සාධනීය පියවරකි. යම් ආයෝජකයෙකු මුල සිටම නව ව්‍යාපාරයක් ගොඩනැගීමට කැමති නම්, එම ව්‍යාපාරයේ හිමිකාරිත්වයෙන් යම් කොටසක් අදාළ ආයෝජකයාට පිරිනමා අලුත් රාජ්‍ය වත්කමක් බිහි කිරීමත් අර්ථවත් ක්‍රියාවකි.
ඇතැම් දේශපාලන පක්ෂ පෞද්ගලීකරණය සම්බන්ධයෙන් මතවාදීමය වශයෙන් කැපවී සිටින අතර පෞද්ගලීකරණය කළ හැකි සෑම දෙයක්ම විකුණා දැමීමට උත්සාහ කරයි. බොහෝ වෘත්තීය සමිති ද මේ සම්බන්ධයෙන් මතවාදීමය ප්‍රවේශයක් ගනු ලබන අතර, රජය සතු ව්‍යාපාර වල පෞද්ගලික අංශයේ සුලු මැදිහත්වීමකට වූවත් විරුද්ධ වෙති. මේ අන්ත දෙකම රටට අහිතකරය. රජයට අයත් ව්‍යාපාරයක පෞද්ගලික හෝ විදේශීය සහභාගිත්වය ලබා ගැනීම එක් එක් අවස්ථාව අනුව සලකා බැලීමටත්, එවන් හවුල්කාරීත්වයක් තුලින් රටට පොදුවේ ඇතිවන ප්‍රතිලාභය වෘත්තීය සමිති විසින් සලකා බැලිය යුතු බව මගේ අදහසයි. ජාතික වත්කම් සහ උපායමාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය අංශයේ ව්‍යාපාර ආරක්‍ෂා කළ හැකි එකම සාර්ථක ක්‍රමය වන්නේ පුද්ගලිකරණය සම්බන්ධයෙන් ප්‍රායෝගික සහ මතවාදීමය නොවන ප්‍රවේශයක් ගන්නා රජයක් බිහි කිරීමයි. මම වසර නවයකට වැඩි කාලයක් ජනාධිපති ධූරය දැරූ කාලයේ, ආර්ථිකය අඛණ්ඩව දියුණු වූ අතර, පෞද්ගලීකරණය ගැන සාකච්ඡාවක් වත් නොතිබුණු බව මම නැවතත් සිහිපත් කිරීමට කැමැත්තෙමි.

වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලින වැඩපිළිවෙළකි. මෙවන් අවස්ථාවක රාජ්‍ය දේපල කඩිමුඩියේ විකුණා දැමීමෙන් රටට වැඩදායක ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි බව පුද්ගලීකරණයට පක්ෂපාත පාර්ශව වලට පවා අවබෝධ විය යුතුය. එපමණක්ද නොව මීළඟ ජනාධිපතිවරණයට ඇත්තේ තව මාස කිහිපයක් පමණි. එබැවින් රජයේ දේපළ විකිණීමට එරෙහිව රට පුරා ඇතිවී තිබෙන නොසන්සුන්තාවයට විසඳුමක් ලෙස මා යෝජනා කර සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුවිය යුතු බවයි. එවිට, ඊළඟ ජනාධිපතිවරණය ජය ගන්නා පාර්ශවයට ඔවුන්ට ලැබෙන ජනවරම අනුව රජය සතු දේපළ හා ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කළ හැක.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ දියර කිරි අවශ්‍යතාවයෙන් සියයට හතලිහක්වත් රට තුළ නිශ්පාදනය වන්නේ නෑ…. වාර්ෂිකව කිරි ගේන්න යන වියදම රුපියල් බිලියන 70ක්…

Next Post

රජය ඉල්ලුවොත් රුසියානු යුද්ධයේ කුලී හේවාකම් කරන ශ්‍රී ලාංකිකයින් සතියකින් රටට ගෙන්වනවා… උයදංග වීරතුංග !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.