අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජය ඉල්ලුවොත් රුසියානු යුද්ධයේ කුලී හේවාකම් කරන ශ්‍රී ලාංකිකයින් සතියකින් රටට ගෙන්වනවා… උයදංග වීරතුංග !

by editor
මැයි 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සුරියවැව නුවන් ජයසේකර –

රජය පාර්ශවයෙන් තමන්ගෙන් ඉල්ලීමක් කළහොත් දැනට රුසියාවේ හා යුක්රේනයේ කුළී හමුදාවන් ලෙස සේවය කරන ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් සතියක් තුළ මෙරටට ගෙන්වා දීමට තමන්ට හැකි බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තාතාපති උදයංග වීරතුංග  පැවසිය.

ඔහු මේ බව පැවසුවේ අද (12) මත්තල ගුවන් තොටුපොල පරිශ්‍රයේදී  මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු උදයංග වීරතුංග මේසේද පැවසීය.

අද වන විට ලංකාවේ හමුදා සෙබළුන් විවිධ රටවලට කුළී හමුදාවන් ලෙස සේවය කිරීමට යැවිම නිසා අකාලයේ ඔවුන්ගේ ජීවිත විනාශ වෙමින් තියෙනවා. ලංකාවේ හා පිට රට ඉන්න විවිධ ජාවාරම්කාරයන් එකතු වෙලා තමයි මේ ජාවාරම කරගෙන යන්නේ. මේ සඳහා ලංකා රජය වගේම නිළධාරීන්නුත්   වගකියන්න ඕනේ.

රුසියානු හා යුක්රේන රජය ඍජුව කුළී හමුදාවන් ගන්නේ නෑ. අතරමැදියන් හරහා තමයි කුළී හමුදාව ගන්නේ. ඒ කුළී හමුව සම්බන්ධයෙන් යුක්රේනය හෝ රුසියාව කිසිදු වගකිමක් ගන්නේ නෑ. එලෙස බඳවා ගන්නා කුළී හමුදාවන්ට කිසිදු පුහුණුවක් ලබා දෙන්නේ නෑ. ඒ අය කෙලින්ම යොමු කරන්නේ යුද්ධයේ ඉදිරි වළල්ලට. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

යුක්රේනයේ තානාපති වරයෙක් මා එක්ක කිව්වා ඉදිරි වළල්ලේ විදේශිකයන් 1500ක් විතර කුළී හමුදාවක් ඉන්නවා. ඒ අතර ශ්‍රී ලාංකික සෙබළුනුත් විශාල පිරිසක් ඉන්නවා. ඒ මැරුණ කෙනෙකුගේ බොඩි එකක්වත් ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් නෑ කිවුවා. 

රුසියාව හෝ යුක්රේනයේ හමුදාවට නීත්‍යනුකූලව බැඳෙන්න නම් ඒ රටේ පුරවැසියෙකු විය යුතුයි. මේ ආකාරයට බඳවා ගන්නා අය සම්බන්ධයෙන් ඒ රටවල් දෙකෙහිම කිසිදු වගකිමක් නෑ. ඒ නිසා මේක ජාවාරමක්. මේකට අහු වෙන්න එපා. මේක එක පැත්තකට ලැබෙන ටිකට් එකක් මිසක් මේකේ රිටන් ටිකට් එක්ක නෑ. මම තානාපති විදියට නම් කටයුතු කරන්නේ මට මේක විසඳන්න සතියක් වගේ යාවි.

මේ වෙනකොට යුද්ධයට ගිහින් අපේ ලාංකික සෙබළුන් 20කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙලා තියෙනවා. මෙය ඉතා දරුණු තත්වයක්. මේ වන විට තානාපති කාර්යාල මගින් මෙම සෙබළුවන් යළි දිවයිනට ගෙන්වා ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් පේන්න නෑ. මම රුසියාවේ හිටපු තානාපති වරයා ලෙස මගෙන් රජය පාර්ශවයෙන් යම් ඉල්ලීමක් කලොත් මේ සෙබළුන් සතියක් තුළ මෙරටට ගෙන්වා ගැනීමට මට හැකියාව තියෙනවා.

මේක රුසියාවේ රජය සමග මැදිහත් වෙලා කතා කරලා දවසින් මේ ප්‍රශ්නය විසදන්න පුළුන්. හැබැයි එහෙම කරන්න තරම් නිළධාරියෙක් පේනතෙක් මානයකවත් නෑ. බලන්නකෝ තානාපතිවරු ඉන්නවා, ලේකම්වරු ඉන්නවා, තව තව නිළධාරීන් ඉන්නවා. කෝ මේ අය මොකද්ද කරන්නේ. මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් වගකීමෙන් කටයුතු කරන්නේ නෑ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපතිවරණය තෙක් විකිණිල්ල නවත්වන්න… මහින්ද රනිල්ට දන්වයි!

Next Post

අධ්‍යාපන ඇමතිට අමු කැවිල ද?…  දරුවන්ගේ  ක්‍රීඩා කුසලතා වර්ධනය කරගන්න පාසල් මාරු කිරීම  චක්‍රලේඛයකින්  අවලංගු කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.