දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේ ධර්මපුරම් පිරමනාතන්පුරම් ප්රදේශයේ කැලයක සඟවා තිබූ ජීව පතුරම් ගෝනි 25 ක් සමග සැකකරුවන් 5 දෙනෙකු ධර්මපුරම් පොලීසිය විසින් 6 දා අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම පතරොම් තොගය එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට අයත් පතරොම් තොගයක් බවට පොලීසිය හඳුනා ගෙන ඇත.
ධර්මපුරම් පොලීසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදු කළ පරීක්ෂණයකදී කලෑවක සගවා තිබූ මෙම පතරොම් උණ්ඩ ගෝනි 25 ක් හමු වී ඇති අතර එහි ජීව උණ්ඩ හා භාවිත කළ උණ්ඩද තිබී ඇත.
සැකකරුවන් පස් දෙනාගෙන් ප්රශ්න කිරීමෙන් අනතුරුවව ඔවුන් කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.