පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රශ්න කිරීමට තීරණය කර තිබේ.
පාස්කු ඉරුදින දේවස්ථානවලට ප්‍රහාරයක් එල්ලවන බව මන්ත්‍රීවරයා සිය පියාගෙන් තොරතුරු දැනගෙන එම රජයේ වගකිව යුතු අමාත්‍යධුරයක් දරමින් සිටියදීත් ඒ ගැන අගමැතිවරයා ඇතුළු ආරක්ෂක අංශ දැනුවත් නොකර තොරතුරු සගවාගෙන සිටීම සම්බන්ධයෙන් එම විමර්ශනය පැවැත්වෙන බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.
ඒ අනුව හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රශ්න කිරීමට අද (23) දිනයේ ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනටමත් දැනුම්දී තිබේ.