ඉඳුනිල් කහටපිටිය –
මෑත ඉතිහාසයේ සිදුවූ අතිශය නින්දා සහගතව දේශපාලන බලය යොදා සිද්ධි යටපත් කරමින් සිදුකළ පුරාවස්තු කොල්ලය වන වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ මාලිගාවට ප්රවේශයේ පිහිට පෞරාණික සඳගල නැමැති පුරාවස්තුව කෙහෙළිය රඹුක්වැල්ලගේ දේශපාලන බලපෑම මත කොල්ලකෑමේ අපරාධයට අදාල කරුණු වසන් කිරීම සහ විමර්ශනවලට බලපෑම් කිරීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත් අඩංගුවට ගෙන ඇති බව හෙළි දරව් වේ.

මේ සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා භූමියේ තිබූ මහනුවර රාජධානියට අයත් සිංහල රාජ වංශයේ අවසන් රජු වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාගේ මාලිගයේ පිවිසුම් පියගැටපෙළ අසල තිබූ ඓතිහාසික පුරාවිද්‍යා වටිනාකමින් යුත් සඳගල නම් පුරා වස්තුව සොරකම් කිරීමට අදාළව සිදු කරන ලද විමර්ශනය නිසි පරිදි සිදු නොකිරීමට ප්‍රසාද් රණසිංහ බලපෑම් කළ බවය.
අදාළ වරදට සම්බන්ධ සමහර සැකකරුවන්ට ගැලවීයාමට ආධාර කිරීම තුළින් දුෂණය නම් වරද සිදු කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ ප්‍රසාද් රණසිංහ යන අය 2026.03.10 වන දින පෙ.ව.11.45ට පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
සඳගල කොල්ලය ගැන මතක් කිරීමක්
කුණ්ඩසාලේ රජමහා විහාරයට අයත් ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ‘සඳගල’ කොල්ලකෑමේ සිදුවීම 2021 වසරේ මැදභාගයේදී වාර්තා විය. මෙම කොල්ලකෑම මෙහෙයවනු ලබන්නේ හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් විසිනි. අතිශය දැවැන්ත මෙම පුරාවස්තුව ඩිෆෙන්ඩරයක රැකවරනය යටතේ බූම් ට්‍රක් එකකින් පැහැරගෙන යන ආකාරය සීසීටීවී කැමරාවල දර්ශනය වූයේය.

එය හුදෙක් සාමාන්‍ය සොරකමකට එහා ගිය සංවිධානාත්මක අපරාධයක් බව මුල් අවධියේදීම අනාවරණය විය. මෙම විශාල පුරාවස්තුව රැගෙන ගොස් තබා තිබුණේ කෙහෙළිය රඹුක්වැල්ලගේ හිතවත් ව්‍යාපාරිකයෙකුගේ නිවසට බවත්, එම නිවසට අදාල කොල්ලය සිදුවූ දිනට පසු දින උදෑසන රමිත රඹුක්වැල්ල පැමිණි බවත්, පසුව එම පුරාවස්තුව කුඩු කර මහවැලි ගඟට දැමූ බවත් අනාවරණය වුනේය.
සඳගල ලෙස හැඳින් වූ මෙම විශාල කළු ගල තුළ නිධානයක් ඇතැයි යන මිත්‍යාව මත මෙම ගල කුඩු කර ඇති බවට පසුව තොරතුරු හෙළි විය. මේ සෑම සාධයක්ම හෙලි වෙද්දී පොලිසිය මහනුවර විශේෂ විමරශන අංශය මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් දියත් කළේය. ඔවුන් රමිත රඹුක්වැල්ල, සම්බන්ධීකරණ ලේකම්වරයා සහ මෙම පුරාවස්තුව තබා ගත් කෝටිපතියා අත් අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී විමර්ශන මහනුවර විශේෂ විමර්ශන අංශයෙන් ගැලවී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියේය.
මෙම පුරාවස්තුව සොරකම් කරගෙන පැමිණි බවට සීසීටීවී කැමරාවලින් තහවුරු වුන කෙහෙළියගේ සම්බන්ධීකරණ ලේකම් අතුරුදහන්ව සිටියේය. අනාවරණය වූයේ ඔහු කෙහෙළියගේ කාර්යාලයේ රැකවරණය ලබමින් සිටි බවය.
මේ අතර අමුතු වැඩක් වූයේය. කෑල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස එවක සිටියේ රොෂාන් රාජපක්ෂය. රොෂාන් රාජපක්ෂට සැක කටයුතු කෲකැබ් එකක් ගැන තොරතුරක් පැමිණි බව කීවේය. එම වාහනය අත් අඩංගුවට ගන්නා විට එහි ගල් කැබලි වගයක් තිබිණි. අත් අඩංගුවට ගත් පුද්ගලයින් කීවේ තමන් සඳගල සොරා ගත් බවත් සොරාගෙන කුඩු කළ බවත් එම ගල් කුඩු දමන්නට යන බවත්ය.
වහාම අත් අඩංගුවට ගෙන පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කළේය. අනතුරුව සැකරුවෝ වැරැද්ද පිළිගත්හ. උන් දඩයකට යටත් වූයේය. සිද්ධිය අහවර විය. මේ සම්බන්ධව පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ගිය පසු එය විමර්ශනය සඳහා ගොනුව ඉල්ලා තිබිණි. එම ගොනුවේ මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශයේ පරීක්ෂණ වාර්තා සහ සාක්ෂි අතුරුදහන්ව තිබිණු බව හෙළි විය. ප්‍රසාද් රණසිංහ අත් අඩංගුවට ගන්නේ අන්න ඒ කුපාඩිකමටය.
මේ අපරාධයෙන් පසු කෙහෙළිය පවුලටම හෙණ ගැහුවේය

සඳගල අපරාධය ගැන පිළිවෙලින් මෙම ලිපිවලින් කියවා මතක් කරගන්න…
පල්ලෙකැලේ මිනිස්සුන්ගේ ගෞරවයට පත් ටොන් ගණනක් බර ඓතිහාසික “සඳගල“ පුරාවස්තු හොරුන් හොරකම් කරයි!
සඳගල ඉස්සූ සැකකරුවන් හඳුනාගෙන… ඒත් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම මග හැරලා…







