සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ස්වයං ඝාතකයින් අට දෙනෙක් බැලන්ස් කරපු බුද්ධි නිලධාරියෙක් ගැන මේ කියන කතා අපි පිළිගන්න ඕන ද?. අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයේ දී අසයි...

by editor
ජූනි 4, 2026
in පුවත්
Share on FacebookShare on Twitter
  • ත්‍රස්ත පනත යටතේ රැඳවුම් භාරයේ සිටින සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමේ නියෝගය 10 දා!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නයි නීතිපතිවරයා කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන ජූනි 10 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සුරේෂ් සලේ වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මෝසමක් අද (04) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේ දී මෙම තීරණය ගැනුණි.

නීතිපති පාර්ශවයේ කරුණු දැක්වීම

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාර හිටපු ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ බරපතල රෝගී තත්ත්වයකින් පෙළෙන බවට සාධාරණ කරුණු ඉදිරිපත් වී නොමැති බවය.

මැයි 04 වනදා මොහුව පෝෂණ විශේෂඥ වෛද්‍යවරයා, අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා සහ මානසික විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාට වුවත්, මොහුව විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කර ඇත්තේ දෙවැනියා බව අධිකරණයේ දී  හෙළි විය. මැයි 18 වනදා වෛද්‍ය වාර්තාව ලැබී තිබියදී මෝසම ඉදිරිපත් කිරීමට සති දෙකක් ප්‍රමාද වූයේ අභියාචනාධිකරණයේ අනුකම්පාව ලබා ගැනීමේ අරමුණින් බව ද හෙතෙම සඳහන් කළේය.

වෛද්‍ය වාර්තාව උපුටා දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

“මොහු එසේ මෙසේ පුද්ගලයෙක් නෙමෙයි. 2017-2019 වෙනකම් ස්වයං ඝාතකයෝ 08 දෙනෙක් බැලන්ස් කරපු බුද්ධි නිලධාරියෙක්. මේ වාර්තාවේ තියෙනවා මානසික වෛද්‍යවරයා මොහුට කරලා තියෙන්නේ කෙටි කාලීන ඇසෙස්මන්ට් එකක් කියලා. ඒ ඇසෙස්මන්ට් එක පුරාවටම මොහු අඬමින් ඉඳලා තියෙන්නේ. කෙටි කාලීන ඇසෙස්මන්ට් එකකින් මේ තරම් දීර්ඝ රෝග විනිශ්චයක් දෙන්න පුළුවන්ද? මොහු පෝෂණවේදියා ළඟ හෝ අක්ෂි වෛද්‍යවරයා ළඟ අඬලා නෑ. නමුත් මානසික විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කළ වෙලාවේ ඉඳන් අඬලා. රෑට බය හිතෙන හීන පේනවලු. මොහු කරපු අපරාධ මතක් වෙනකොට ඇඬෙනවා ඇති. කරපුවා හීනෙන් පෙනෙනකොට බය වෙනවා ඇති. ඒවට ඉතින් කොහොමත් බෙහෙත් දෙන්න බෑනේ.”

“මොහු මානසික වෛද්‍යවරයා හමුවේ කියලා තියනවා විමර්ශන නිලධාරීන් නොවන බාහිර පාර්ශවයක් ආවලු. ඇඳුම ගලවන්න කිව්වලු. අත් දෙක ඈත් කරන්න කිව්වලු.  මගේ කකුල්වලට ගැහුවලු. එතැනින් පස්සෙ උන දේවල් කියන්න මට ලජ්ජයි ලු.”

ඇයි ස්වාමීනි. ලජ්ජා වෙන්නේ. පොඩි ගෑනු ළමයෙක් ද මොහු. එහෙම උනා නම් කමක් නෑ. සියල්ල ස්වාමීනි වෛද්‍යවරයා නොමග යවන්න කරලා තියෙන්නේ.

සලේ අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාව පිළිගත නොහැකි බව දිලීප පීරිස් අවධාරණය කළේය.

“ ස්වාමීනි. මොහුට ඔස්කාර් සම්මානයකින් දමලා ගහන්න ඕන. ඉහෙන් බහින ලෙඩක් නෑ මොහුට. මේ වාර්තාවෙ තියනවා ස්වාමීනි ඔහුමයි කියලා තියෙන්නේ ඔහුට අමතක වෙනවා කියලා. මොහුට කොහොමත් අමතක වෙන ලෙඩක් තියනවා. මොහුගේ ජංගම දුරකථනයෙ පාස් වර්ඩ් එක මොහුට මතක  නෑ. ලැප් ටොප් එකේ පාස් වර්ඩ් එක මතක නෑ. මොහු කියලා තිබ්බා ඔහුට කතා කරන්න කාටවත් ප්‍රවේශයක් දෙන්නේ නෑ කියලා.

ස්වාමීනි. හැම සතියකම සිකුරාදා දින මොහුගේ බිරියට පුතාට කතා  කරන්න අවස්ථාව දෙනවා. අම්මට කතා කරන්න අවශ්‍යයයි කියලා අම්මටත් කතා කරන්න අවස්ථාව දීලා විමර්ශන නිලධාරීන්.

ඒ විතරක් ද ස්වාමීනී… මොහුට ගීන් ටී, පැටිස්, එග් රයිස්, ටොෆී, කොකා කෝලා, ෆිෂ් ඔයිල් ටැබ්ලට්, විටමින් සී වගේ දේවල් කන්න බොන්න දීලා තියනවා. ඒ විතරක් ද ස්වාමීනී. කණ සුද්ද කළෙත් මොහුගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවට පස්සේ. කන් ඇහෙන්නේ නැතිව හිටියේ. මොහුව අක්ෂි දන්ත දියවැඩියා සම්බන්ධ රෝග පරීක්ෂාවකට යොමු කළා. ගෙදර ඉද්දිවත් මෙහෙම බෙහෙත් කළේ නැතිව ඇති. නමුත් මේවා කියන්නේ නෑ මොහු. “

සැකකරුගේ පාර්ශවයේ කරුණු දැක්වීම

හිටපු ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු  පැවසුවේ සිය සේවා දායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිය දී කෲර වද හිංසාවට භාජනය වී ඇති බවය.

“ ස්වාමීනි. මගේ සේවාදායකයා පූර්වගාමී මහේස්ත්‍රාත්වරයාගේ නියෝග අනුව කොළම අධිකරණ වෛධය නිලධාරියාගේ මාර්ගයෙන් විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙකුට යොමු කර තිබෙනවා. පෝෂණවේදියෙකුට, අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙකුට, විශේෂඥ මානසික වෛද්‍යවරයෙකුට. මේ මානසික වෛද්‍ය වාර්තාවේ තැන් හතක මගේ සේවාදායකයා කෲර වද හිංසාවට ලක් වී ඇති බව කියනවා.”

“ මගේ සේවාදායකයා විමර්ශන නිලධාරීන් නොවන වෙනත් බාහිර පාර්ශවයක් විසින් වද හිංසාවට ලක් කරලා තියනවා. ඔහුට ඇඳුම් ගලවන්න කියලා, අත් ඈත් කරන්න කියලා, ඔහුගේ කකුල්වලට පහර දීලා. ඔහුට එතනින් එහාට වෙචිච් දේවල් කියන්න බෑ ලැජ්ජයි කියනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිය දී මේ සියල්ල වෙන්නේ. මෙහි වගකීම සම්පූර්ණයෙන්ම  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ගත යුතුයි.”

ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ සලෙයි රඳවා සිටින ස්ථානයේ සිට ප්‍රතිකාර කිරීමට නොහැකි බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළ බවය.  ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මෙසේ පැවසුවේය.

“ස්ථිර වශයෙන්ම ඔහු වද හිසංවාට ලක් වෙලා කියලා වෛද්‍ය වාර්තාවෙන්ම පැහදැලි වෙනවා. ඔහු ඉන්න පරිසය නුසුදුසු තත්ත්වයක පවතින නිසා වෛද්‍යවරු ඔහුට ප්‍රතිකාර ලබා දීමට ආරම්භ කරන්න බෑ කියනවා. මොහි සිය දිවි නසා ගැනීමේ අවදානමක ඉන්නේ කියලා වෛද්‍ය වාර්තාවෙ කියනවා. එම නිසා මේ සම්බන්ධව සුදුසු නියෝගයක් ලබා දෙන්න කියලා මා අධිකරණයෙන්  ඉල්ලා සිටිනවා.”

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ පාර්ශවයේ ඉල්ලීම් සම්බන්ධවවන නියෝගය ජුනි මස 10 වැනිදා පස්වරු 2ට නිකුත් කිරීමට නියෝග කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Next Post

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.