හදිසි තත්ත්වයකදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් පෙර පුහුණු වීමක් සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දැඩි ආරක්ෂාවක් යෙදවීමට පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.
කැඳවා ඇති ආරක්ෂක හමුදා විසුරුවා හැරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය උපුටා දක්වමින් අද දෙරණ වාර්තා කර තිබේ.
පෙරේදා දිනයේ සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පොලීසියට අමතරව යුද හමුදා සාමාජිකයින්ද කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ගිනි නිවන සහ කැරළි මර්ධන ඒකක සීරුවෙන් තබා තිබිණි.
පොලිස් මූලස්ථානය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ රට තුළ වැඩිවෙමින් පවතින මත්ද්‍රව්‍ය සහ ගිනි අවි ජාවාරම වැලැක්වීම සඳහා දීප ව්‍යාප්තව ආරක්ෂක මෙහෙයුමක් දින තුනක් පුරා ක්‍රියාත්මක බවය.
කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවන බවට ලද බුද්ධි තොරතුරක් හේතුවෙන් කොළඹ නගරයේ මර්මස්ථාන කිහිපයක ආරක්ෂාව තර කර ඇති බවට ද ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබුණි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සම්මාන රාත්‍රියක් වෙනුවෙන් ඇනවුම් කළ කෑම පාර්සල් දෙදෙහසක ඇනවුමක් සම්බන්ධ තොරතුරක් වැරදියට කල ඇගයීමකින් මෙම තත්ත්වය ඇති වී තිබුණු බව පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් ආරංචි මාර්ග හෙළි දරවු කලේය.
කෙසේවෙතත් දැනට කැඳවා ඇති ආරක්ෂක හමුදා අද දිනයේදී විසුරුවාහැරීම සඳහා මෙතෙක් අවසර ලබා දී නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය පවසා ඇතැයි අද දෙරණ වාර්තා කරයි.