බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවය.
සෙසු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් දිවයින පුරාවිටින් විට පැයට කිලෝ මීටර් 40-45 පමණ තද සුළං ඇතිවිය හැකි බවත් නිවේදනය කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව .ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු ඇති සම්බන්ධව ද අනතුරු ඇඟවීමක් කරයි.