සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 කළුතර බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය කරුණු පැහැදිලි කරයි…

by editor
මැයි 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ආන්දෝලනයට ලක් වූ කළුතර බාලිකා විද්‍යාලයේ දැරියගේ මරණයත් සමග  චෝදනාවට ලක්වූ කළුතර බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ තුශිනි වීරකෝන් ඇයට එල්ල වූ චෝදනාවට පසුබිම් වූ කරුණු සම්බන්ධව දීර්ඝ පැහැදිලිකිරීමක් යොමු කර තිබේ.

ඇය පැහැදිලිවම දන්වා සිටින්නේ රටේම අවධානයට ලක් වෙමින්  අවාසනාවන්ත මිය ගිය සිය පාසලේ  සිසු දැරියගේ මරණයෙන් අනතුරුව ඇයට එල්ල වූ අසත්‍ය සහ අසභ්‍ය චෝදනා සංසරණය කරනු ලැබුවේ කළුතර බාලිකා විද්‍යාලයිය ආදි ශිෂ්‍යා සංගමයේ දූෂිත නිලධාරිනියන් කිහිප දෙනෙක් බවය.

ඇය කළ සම්පූර්ණ පැහැදිලි  කිරීම මෙසේය.

පසුගිය 6 වන දින අප කලුතර බාලිකා පාසලේ සිසුවියක් අභිරහස් ලෙස මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී මිය යාම සම්බන්ධව ආන්දෝලාත්මක ප්‍රවෘත්ති රැසක් කතා බහට ලක් විය. අදාල සිසුවිය අප පාසලේ ශිෂ්‍යාවක් බැවින් පාසල මට්ටමින් ඔබ සියලු දෙනා දැනුවත් කිරීම සිදු කළ යුතුය.

මන්ද යත් මේ අවාසනාවන්ත මරණය අමානුශික ආකාරයෙන් උපයෝගී කර ගනිමින් විදුහල්පතිනිය ලෙස මා ඇතුළු ගුරුමණ්ඩලය හා පාසලේ ආදරණීය සිසු දියණියන් හා පාසල් ප්‍රජාවම අපහසුතාවයට පත් කරමින් ව්‍යාජ පුවත් සංසරණය වීමට පටන් ගෙන ඇති නිසාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මිය ගිය සිසුවියගේ ක්‍රියාවන් හෝ ඇයට සහය දුන් සිසුවියගේ ක්‍රියාකලපයන් පාසලක් ලෙස අපි කිසි දිනෙ සාධාරණීකරණය නොකරමු. පාසල තුළදී ඔවුන් පිළිබඳ කිසිදු පැමිණිල්ලක් පාසල තුළින් හෝ බාහිරින් අප වෙත වාර්තා වී නොමැති බව ද දැන්විය යුතුය.

එම අවාසනාවන්ත සිද්ධිය වූ පසු ගිය 6 වන දින රජයේ නිවාඩු දිනයක් වූ බැවින් හා එදින පාසල් නොපැවැත් වූ දිනයක් බැවින් එම මිය ගිය සිසුවිය හා ඇය එම ස්ථානයට රැගෙන ගිය සිසුවිය පිළිබඳ ව වගකීමක් පාසලක් ලෙස එදින තුළ අපට දැරිය නොහැකි බව වටහා ගැනීමට ඔබ සියළු දෙනා බුද්ධිමත් පාඨක පිරිසක් වන බව අප දනිමු.

එම මිය ගිය සිසුවිය මවගේ අනුදැනුම මත එදින නිවසින් පිටව ගොස් ඇති අතර පාසල් දිනයක් නොවන දිනයක දී හා වේලාවකදී ඇයගේ පෞද්ගලික ගමන් බිමන් ආවරණය කිරීම අප හට සිදු කළ හැකි කාරණාවක් නොවන බව ද පැවසිය යුතුය.

එහෙත් එකී අවාසනාවන්ත මරණය හා එම සිද්ධියට මුහුණ දුන් සිසුවිය පිළිකුල් සහගත ලෙස භාවිතා කරමින් මේ වන විට සමාජය පුරා පාසලේ ආදි ශිෂ්‍යා  සංගමයේ එක්තරා නිළධාරින් පිරිසක් ව්‍යාජ තොරතුරු සිය පෞද්ගලික පළිගැනීම් වෙනුවෙන් භාවිතා කරමින් සිටී.

කලුතර බාලිකා පාසල කීර්තිමත් ඉතිහාසයක් හිමි පාසලකි. මේ වන විට පාසලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරමින් සිටින්නේද පරිපාලන සේවයේ 1 තනතුර දරණ පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවකි.

ඇය මෙම පාසලට 2021 වසරේ පත් කර ඇති බව සැලවීමත් සමග ව්‍යාජ ව්‍යවස්ථාවක් ‍යොදා ගනිමින් වසර දහයකට අධික කාලයක් මහා සභා රැස්වීම් පවා නොපවත්වා ආදිශිෂ්‍යා සංගමයේ විධායක තනතුරු දරණ ඉතාමත් සුළු පිරිසක් විදුහල්පතිනිය පත් වීම වැලැක්වීමට විවිධ ප්‍රයත්න දැරුව ද ඒ සියල්ල අසාර්ථක විය.

එමෙන්ම විදුහල මගින් පාලනය විය යුතු පාසල් බටහිර තූර්‍ය වාදක කණ්ඩායම් ඒ වන විට මෙම ආදි ශිෂ්‍යා සංගමයේ ඉහළ තනතුරු කූඨ ලෙස දරමින් සිටින කිහිප දෙනෙක් සිය පෞද්ගලික බූදලයක් ලෙස හසුරුවමින් විශාල දූෂණ වංචා රැසක්   සිදු කර තිබුණි.

එවන් පසුබිමක ආදි ශිෂ්‍යා සංගමය තුළ හා තූර්‍ය වාදක කණ්ඩායම් තුළ ආදි ශිෂ්‍යා සංගමයේ ඉහල නිළතල දරණ කිහිප දෙනෙක් කළ මෙම කූඨ අසාධාරණ ක්‍රියා වලට එරෙහිව වත්මන් විදුහප්පතිනිය නීත්‍යානුකූලව මේ වන විට කටයුතු කරමින් සිටින නිසා එම සිද්ධීන්වලට අදාල ආදි ශිෂ්‍යා සංගමයේ නිළධාරිනියන් කිහිප දෙනා පාසලේ විදුහල්පතිනියට මිය ගිය සිසුවියගේ සිද්ධිය අමානුෂික ලෙස යොදා ගනිමින් අසත්‍ය හා අසභ්‍ය චෝදනා එල්ල කරමින් සිටින අතර ඔබ වෙබ් අඩවි මගින් ද එම ව්‍යාජ පුවත් සංසරණය විය.

මෙම ලිපිය ඔබ වෙත යොමු කරන ලද්දේ එම ව්‍යාජ පුවත් නිර්මාණය වීමේ හේතුව සහ එහි පිටුපස සිටින පැහැදිලි දූෂිත හස්තයන් පිලිබඳව හා ඔවුන්ගේ අරමුණ වන විදුහල්පතිනිය පාසලෙන් ඉවත් කර ඔවුන්ගේ වංචා දූෂණ හා විනය විරෝධී ක්‍රියාවන් තව දුරටත් සිදු කර ගෙන යාම බව මේ වන විට සාක්ෂි සහිතව ඔප්පු වී ඇති බවත් ඔබ වෙත දන්වා සිටීමය.

ස්තූතියි.

කළුතර බාලිකා විද්‍යාලයේ  විදුහල්පතිනි තුශිනි වීරකෝන් ( පරිපාලන සේවය 1)  ප්‍රමුඛ විදුහල් ප්‍රජාවගේ කරුණු දැක්වීමකි

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද මධ්‍යම රාත්‍රියේ සිට සිමෙන්ති මිල අඩු වෙයි!

Next Post

අදත් වැස්ස….

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.