පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් 23 දෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී අති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි. ඔවුන්ද සමග මේ වනවිට පොලිසියේ සාමාජිකයන් 173ක් ආසාදිතයන් අතරට එක්ව සිටිති. මෙම උප පොකුර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ ආශ්රිත ව ව්‍යාප්ත වී ඇති එකක් ලෙසට විශ්වාස කෙරෙන අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමට අදාළ කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතී.
ඊට අමතරව වසංගතය විශේෂ කාර්ය බලකා සාමාජිකයන් අතර ව්‍යාප්ත වීම අවම කිරීමේ පියවර ගණනාවක් මේ වනවිට ගෙනඇති අතර ඔවුන් සමූහයක් ලෙස නොරඳවා කුඩා කණ්ඩායම් ලෙස වෙන්කර රැඳවීමට කටයුතු කර ඇති බව ද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.