ශ්‍රියානි විජේසිංහ –
වෘත්තීයවේදීන් වෙත පැටවී ඇති අසාධාරණ බදු බර ඉවත් කිරීම සඳහා උපයන විට බද්ද සංශෝධනය කිරීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සමස්ථ වෘත්තීයවේදීන් ඉදිරිපත් කළ යෝජනා මාලාව ක්‍රියාත්මක විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
මෙරට වත්මන් බදු ප්‍රතිපත්තියේ අසාර්ථක සහ අසාධාරණ බවත්, එනිසා මෙරටට විද්වතුන් අහිමි වීමෙන් සිදුවන හානියත්, එය වෙනස් කිරීම වෙනුවෙන් මෙරට සියලු වෘත්තීයවේදීන් එක් වී සිදු කරමින් පවතින සටනත් හේතුවෙන් වඩා සාධාරණ සහ පාරදෘශ්‍ය බදු ක්‍රමවේදයක් රට තුළ ස්ථාපිත විය යුතු බව සංගමය පෙන්වාදේ.
පසුගියදා නිකුත් කරන ලද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දෙවන වාර්තාව අනුව මෙරට සමස්ත බදු ක්‍රමවේදයේ ගැටලු ගණනාවක් සාකච්ඡා කර ඒවා විසඳීමට නිර්දේශයන් ද ලබා දී ඇති බව සංගමය පවසා සිටියි.
2023 වර්ෂය ආරම්භයේ සිට ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තිය හරහා මතු වී ඇති අර්බුද විසඳීමට නම් වෘත්තීය සමිති එකමුතුව ලබා දුන් විසඳුම් ක්‍රියාත්මක විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කරයි.
පසුගිය වසරේ ද උපයන විට ගෙවිමේ බදු ආදායම ඉලක්කය වන රුපියල් බිලියන 100 ඉක්මවා තවත් රුපියල් බිලියන 44 ක් එනම් සමස්ථ ආදායම රුපියල් බිලියන 144 ක දැවැන්ත ආදායමක් එකතු වී ඇතැයි සංගමය පෙන්වාදේ.