නතාෂා නෙත්මිණි –
රෝහල්වල රෝගී සත්කාර සේවාවන්හී යෙදෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ඔවුන්ගේ තාවකාලික නවාතැන්පලවල් වලින් පිටවයෑමට සිදුව ඇති බැවින් රෝහල්වල රෝගී සත්කාර සේවාවන් කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
රෝහල්වල ප්‍රතිකාරලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමග සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් නවාතැන්ගෙන තිබෙන පරිසරයහී ජීවත්වන පුද්ගලයින් එම සාමාජිකයින්ව එම පරිසරයෙන් ඉවත්කිරිමට හේතු වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය.