කොළඹ 13, ජින්තුපිටිය ප්රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එම මාර්ගය මුළුමනින්ම වසා දමා තිබේ.
එහි වෙසෙන පවුල් 29කට අයත් 149 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත.
කොවිඩ්-19 ආසාදිත පුද්ගලයා ඉන්දියාවේ සිට ශ්රී ලංකාවට පැමිණ දින 14ක නිරෝධායන ක්රියාවලියෙන් පසු නිවසේ සිට තවත් දින 14ක් නිරෝධායනයේ යෙදී සිටියදී ආසාදිත අයකු බව තහවුරු වී ඇත.