දියසේන රතුගමගේ –
යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සදහා නව පී.සී.ආර් යන්ත්‍රයක් ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනිය වන ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) අතින් 23 දා බාර දීමට නියමිතය.
දැනය යාපනය ශික්ෂණ රෝහලට අමතරව යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය තුළද පී.සී.ආර්.පරීක්ෂණ සිදුකෙරෙන අතර නව යන්ත්‍රය මගින් දිනකට පී.සී.ආර්.පරීක්ෂණ 300 කට වඩා සිදු කළ හැකිය.
යන්ත්‍රය බාර දීමේ අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාරවරිය සෞඛ්‍ය බලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.