ලලිත් චාමින්ද –
දෙවැනි කොරෝනා රැල්ල ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ දී ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය ආසාදනයවිමෙන් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසයි.
පසුගිය වර්ෂයේ (2020) නොවැම්බර් මාසයේ සිට මෙම වර්ෂයේ (2021) පෙබරවාරි මස 19 වැනිදින දක්වා කාලය තුළදි මෙම රෝගීන් 25 දෙනා මියගොස් ඇති බවද හෙතෙම පවසයි. මියගිය 25 දෙනා අතර පිරිමි පුද්ගලයින් 17 දෙනෙකු හා කාන්තාවන් 08 දෙනෙකු වෙති. මේ අතර පෙබරවාරි මාසයේ 01 වැනිදා සිට 19 වැනි දින දක්වා කාලය තුළදි කොරෝනා වෛරසය ආසාදනය විමෙන් 13 දෙනෙකු මියගොස් ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
කොරෝනා වෛරසය ආසාදනය විමෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ ගාල්ල මහනගරසභා බලප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 11 දෙනෙකි, අක්මිමන සෞඛ්‍ය වෛද්‍යනිලධාරි කොට්ඨාසයෙන් පුද්ගලයින් 03 නෙකු, අම්බලන්ගොඩින් 01 අයෙකු, බෝපේ පොද්දලින් 05 දෙනෙකු, හික්කඩුවෙන් 01 අයෙකු, නෙළුවෙන් 01 අයෙකු, ඇල්පිටියෙන් 01 අයෙකු, ගොනාපිනුවල හා යක්කලමුල්ලෙන් එක් අයෙකු බැගීන් මියගොස් ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සදහන් කළේය.