දිනසේන රතුගමගේ –
එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් සතු පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ තොගයක් ළග තබා ගැනීමේ සිද්ධිය මත වවුනියාව නෙඩුන්කේණී සේනපිලව් ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරු මත තවත් පුද්ගලයින් දෙදෙනෙකු නෙඩුන්කේණී ප්‍රදේශයේදී පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් 20 දා අත් අඩංගුවට ගෙන තිබේ.
උතුරේ බිම්බෝම්බ ඉවත් කරණ සංවිධානයක සේවය කරණ ලද මෙම පුද්ගලයා නතර වී සිටි නිවසේ තිබී එල්.ටී.ටී.ඊ සංවිධානය සතු බවට සැක කෙරෙන ටී.එන්.ටී.පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 24 ක්,පී.ඊ.1 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 5 ක් පුද්ගල නාශක බෝම්බ කොටස් 148 ක් ඩෙටනේටර් 22 ක් ඇතුලු පුපුරණ ද්‍රව්‍ය රැසක් ළග තබා ගෙන සිටියදී ඔහුව පසුගිය 17 දා යුද හමුදා බුද්ධි අංශය හා නෙඩුන්කේණී පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී.
අදාල සැකකරු වවුනියාව ත්‍රස්ත මර්දන ඒකකය වෙත රැගෙන විත් කළ ප්‍රශ්න කිරීම් වලින් පසුව ඔහු සමග සබදකම් පවත්වන ලද පුද්ගලයින් දෙදෙනෙකුව අත් අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් අධිකරණයෙන් ලබාගත් රැදවුම් නියෝග මත ඔවුන්ද රඳවා ගෙන ප්‍රශ්න කරගෙන යයි.







