අමෙරිකානු ජනපතිවරණයේ ජය තහවුරු කිරීම සඳහා ජෝ බයිඩන් දිනා ගත යුත්තේ තවත් ඡන්ද කොට්ඨාස 6ක් පමණයි.
මේ වනවිට ජෝ බයිඩන් ඡන්ද කොට්ඨාස 264ක් දිනා ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් දිනා ඇත්තේ 214ක් පමණි.
ප්රජාතන්ත්රවාදී ජෝ බයිඩන් අමෙරිකානු මැතිවරණයෙන් ජයග්‍රහණ මාවතේ ඉදිරියට ගොස් ඇති නමුත් ඔහුගේ රිපබ්ලිකන් ප්‍රතිවාදියා වන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රධාන ප්‍රාන්ත හතරක ඡන්ද ගණන් කිරීම අභියෝගයට ලක් කර සිටී.
ට්‍රම්ප් පවසන්නේ ඡන්ද දායකයින්ගේ වංචාවක් පවතින බවත්, පෙන්සිල්වේනියාව, විස්කොන්සින්, ජෝර්ජියාව සහ මිචිගන් යන ප්‍රාන්තවල ගණන් කිරීම නතර කිරීමට අවශ්‍ය බවත් ය.
නමුත් ඒ කිසිදු සාක්ෂි ඉදිරිපත් කිරීමකින් තොරව ය.