කොවිඩ් 19 වෛරසයෙන් මිනිස් ජිවිත ආරක්ෂා කරගැනීමේ පියවරක් ලෙස යොජිත මහා මැතිවරණය වහා කල් දමන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටින බව ආචාර්ය පූජිත ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
ලොව අන් හැමදේටම වඩා වටින්නේ මිනිස් ජීවිත ආරක්ෂා කරගැනීම වුවත් වර්තමානයේ එය දෙවැනි තැනට දමා මැතිවරණයට මුල් තැන දී කටයුතු කිරීම ගැන තමන්වහන්සේ කණගාටු වනබව ද සෝභිත හිමියෝ කීහ.
කොරොනා මැඬලීම සඳහා ජනාධිපතිවරයා ප්රමුඛ සෞඛ්‍යය කාර්ය මණ්ඩලය ගත් සියලු පියවර අගය කරන නමුත් මහා මැතිවරණයේ නාම යෝජනා භාරගෙන අවසන් වන තෙක් බලා නොසිට මුල් කාලයේදිම අදාල පියවර ගත්තේ නම් කොරෝනා ව්‍යාප්තිය නවතා ගැනීමට අවස්ථාව තිබූ බව උන්වහන්සේ පෙන්වා දෙති.
සෞඛ්‍යය උපදෙස් පිළිනොපැද අද අපේක්ෂකයන් සිය දේශපාලන කටයුතුවල නිරතවන බවත්, මේ නිසා කොවිඩ් 19 වෛරසය ඉතා වේගයෙන් ව්‍යාප්ත වීමේ අවදානම රටපුරා මතුවෙමින් පවතින බවත් උන්වහන්සේ පැවසූහ.
උද්ගතව ඇති වත්මන් තත්වය ගැන අවධානය යොමු නොකර තවදුරටත් දේශපාලන බලලෝභීන්ව ක්‍රියා කළහොත් මහා විනාශයක් සිදුවීමට ඉඩ තබෙන බැවින් ඒ විනාශයෙන් ජනතාව මුදා ගැනීමට මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නායකයින් එකට වාඩි වී සාකච්ඡා කර මැතිවරණය කල් දැමිය යුතු බට සෝබිත හිමියෝ තවදුරටත් ප්‍රකාශ කළහ.