බටහිර රටවල් තමන් තනි කළ බවත් දැන් යුක්රේනයට ඉන්නේ යුක්රේනය පමණක් බවත් යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි අද ප්‍රකාශ කළේය.
තමන් සමග සිටින බව කී බටහිර රාජ්‍යයන් සහ නේටෝ සංවිධානය රුසියාවට බියවී තමන්ව තනි කර ඇති මේ මොහොතේ රුසියන් ආක්‍රමණය නතර කර ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා රුසියාව සමග සාකච්ඡා කිරීමට තමන් බය නැති බව ජනපතිවරයා කීවේය.
“ නමුත් එසේ සාකච්ඡ කිරීමට රුසියාවෙන් තමන්ට යුක්රේනයේ ආරක්ෂාව සම්බන්ධව සහතිකයක් අවශ්‍යයයි… “ ජනාධිපති සෙලෙන්ස්කි කීවේ එසේය.
“මම නේටෝ සංවිධානයේ රටවල්වලින් කෙලින්ම ඇහුවා ඔයගොල්ලො අපිත් එක්කද කියලා, එතොකොට කිව්වා ඔවුන් කිවා ඔව් අප ඔබ සමගයි කියලා. නමුත් නේටෝ සංවිධානය අපිට සාමාජිකත්වය දෙන්න කැමති නෑ. අපිට නේටෝහි සාමාජිකත්වය දෙනවද කියල මම අහපු ප්‍රශ්නෙට රටවල් 27 උත්තර දෙන්නෙ නැතිව බයේ නිශ්ශබ්දව සිටියා. කව්ද අපිත් එක්ක යුද්දෙට යන්න කැමති කවුරුත් නෑ. අපිට අපි විතරයි”
ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පැවසීය.