බ්‍රිතාන්‍යයේ වාර්තාවූ නව කොවිඩ් ප්‍රභේදය සහිතව මෙරටින් හඳුනාගත් ආසාදිතයා මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසීය.
පසුගිය තුන්වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයින් අලී කොවිඩ් ආසාදිත බවට පසුගිය 4 වැනිදා තහවුරු වූ අතර ඊට පසු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු සාමාජිකයෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බවට වාර්තා වේ.
එංගලන්තයේ කොවිඩ් නව වෛරස ප්‍රභේදයක් ඇති වීමත් සමඟ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ කොවිඩ් ආසාදනයට ලක්වන, විශේෂයෙන් එංගලන්තයේ සිට පැමිණ කොවිඩ් ආසාදනය වූ රෝගීන්ගේ සාම්පලවල ජාන පරීක්ෂා සිදුකෙරුණු අතර ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිදුකෙරුණු පරීක්ෂණවලදී ආසාදිතයකුගේ සාම්පලවල බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ වෙනත් ප්‍රභේද පවතින බවට තහවුරු වී තිබුණි.
සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශකයා තවදුරටත් පැවසුවේ සැකසහිත පුද්ගලයන්ගේ අහඹු සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ සඳහා යොමු කිරීමට සිදු වන බව ය.