රිටිගල රාවණා පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ යනුවෙන් හඳුන්වන පුද්ගලයෙකු නිෂ්පාදනය කරන ලදැයි පවසන කොරෝනා මර්දන ඖෂධයක් කිසි දිනෙක තමා පානය නොකළ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසා දැනට හික්කඩුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන අමාත්‍යවරයා පවසන්නේ තමාගේ පවුලේ අය හා සම්බන්ධ වීමට ඔහු උත්සාහ කළ ද තමා ඊට ඉඩ ලබා නොදුන් බවයි.
දේවින්ද නමැත්තා නිෂ්පාදනය කළ ඖෂධය තමාට දුන් බවට අදාළ පුද්ගලයා කරන ලද ප්‍රකාශ අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරයි.