ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවේ ලේකම් මහින්ද එදිසූරිය මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලය වෙත මාරුකර තිබේ.
තමන්ගේ මෙම හදිසි ස්ථාන මාරුව පසුපස යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ ද යන සැකයක් මතුවන බව මහින්ද ඉදිසූරිය මහතා ප්‍රකාශ කළේය. හදිසි ස්ථාන මාරු කිරීමට හේතුව කුමක් ද යන්න තමන් හරිහැටි නොදන්නා බව ද මෙය කිසියම් පළිගැනීමක් වශයෙන් ක්‍රියාත්මක වී ඇත්ද යන්න සොයා බලන්නට සිදු වන බවද ඒ මහතා කීවේය.
මධ්‍යම පළාත්, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ අනුමැතිය යටතේ නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ජී.එල් අත්තනායක මහතා විසින් පසුගිය 03 වැනි දින අදාළ ලිපිය ලේකම්වරයා වෙත යොමුකර ඇත.
මහින්ද එදිසූරිය මහතා ස්ථාන මාරු කිරීමෙන් පුරප්පාඩු වන ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවේ ලේකම් ධූරයේ වැඩ බැලීම සඳහා හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්.ආර් අතාවුද මහතා පත්කර තිබේ.
නීති විරෝධී පිරමීඩ ජාවාරමක් සම්බන්ධයෙන් ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවේ ලේකම් මහින්ද ඉදිසූරිය මහතාට එරෙහිව පැමිණිලි ඇති බවට රාවයක් පැතිර ගියද ඒ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් නොමැති බව මහනුවර පොලීසිය පවසයි.







