සුමිත් පොතුපිටිය –
සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් පලතුරු කපන පිහියකින් පහරදී එක් තරුණයකු ඝාතනය කර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර පරත්ත පාරේ පදිංචිව සිටි රවිදු හේෂාන් ප්‍රනාන්දු නැමැති 17 හැවිරිදි අයෙකු බව පොලිසිය පැවසීය.
පහරදීම සිදුකර ඇති තරුණයා අත්අඩංගුවට ගෙන, පහරදීමට යොදාගත් පිහිය ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය කීය. ස්ථානාධිපති (වැබ) පොලිස් පරීක්ෂක ඒ.ඩී මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති.