දිනසේන රතුගමගේ
වවුනියාවේ අතිදුෂ්කර පාසලක් වන පුදුකුලම් කණිෂ්ඨ විද්‍යාලය සංවර්ධනය කිරීමට විශාල කැප කිරීමක් කළ විදුහල්පතිනිය 3 දා විශ්‍රාම ගිය අතර ඇගේ ඉසිඹු ලාම නිමිත්තෙන් පැවති උත්සවයට විදුහල්පතිනියව රැගෙන එන ලද්දේ අලංකාර දෝලාවකිනි.
මීට වසර කීපයකට ඉහතදී මෙම පාසලට විදුහල්පතිය වශයෙන් පත්ව ආ එම ගම් ප්‍රදේශයේම කමලා සොක්කලිංගම් මහත්මිය පුදුකුලම කණිෂ්ඨ විද්‍යාලයේ පහ වසර සිසුන්ගේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඉහළ නැංවීමට හා සිසුන් විෂය බාහිර කටයුතුවලට යොමු කොට ඒ සම්බන්ධයෙන් පැවති තරගවලදී ජයග්‍රහණය කොට පාසලට කීර්තියක් ගෙන දීමට කටයුතු කොට තිබේ.
ඇය විශ්‍රාම යාම නිමිත්තෙන් දෙමව්පියන් හා ගුරුවරු එක්ව පාසලේ සංවිධානය කළ උත්සවයට ළමයින්ගේ දෙමව්පියන් හා ගුරුවරු ඇයව විශාල පෙරහැරකින් රැගෙන එන ලද්දේ ඇයව ඉතා අලංකාර ලෙස සකසන ලද දෝලාවක තබා ගෙනය.
උත්සවය අවසානයේදී විදුහල්පතිනිය කතා කළ අවස්ථාව ඉතා සංවේදී අවස්ථාවක් වූයේ දෙමව්පියන් ගුරුවරුන් සිසුන් පමණක් නොව විශ්‍රාම ගිය විදුහල්පතිනියද මහා හඩින් විලාප තබමින් හැඩීම නිසාය.