දිනසේන රතුගමගේ
තලෙයිමන්නාරමේ ඌරුතොට ජැටියේ සිට ඉන්දියාවේ ධනුස්කොඩිය දක්වා පීනා ආපසු තලෙයිමන්නාරමෙන් සිය තරගය අවසන් කළ ශ්රී ලංකා ගුවන් හමුදාවේ රොෂාන් අබේසුන්දර සෙබළා 11 දා උදෑසන නව ආසියාතික වාර්තාවක් පිහිටුවා තිබේ.
ඊයේ (10 )අලුයම 2 ට තලෙයිමන්නාරමේ ඌරුතොට ජැටියෙන් ධනුෂ්කොඩි දක්වා පිහිනීම ආරම්භ කළ ඔහු අද (11) උදෑසන වන විට අනුමාන කල කාලයටත් වඩා පෙරාතුව නැවත ඌරුතොට ජැටියට පැමිණ නව ආසියතික වාර්තාවක් තැබීය.
පැය 28 විනාඩි 19 තප්පර 43 කින් ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙත පිහිනා නැවත පැමිණි රොෂාන් අබේසුන්දර ගුවන් හමුදා සෙබාලට නව ආසියාතික වාර්තාව පිහිටුවීම සඳහා ගුවන් හමුදාපති එයාර්මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ මගපෙන්වීම මත ගුවන්හමුදාවේ ක්රීඩා අධ්යක්ෂක ඇතුලු ක්රීඩා කවුන්සිලයෙන්, නාවික හමුදාවේ සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේද සහය ලැබී තිබුණි.