අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආගමීකරණය කරන්න එපා…  සුරේන් රාගවන් කියයි..

by editor
අප්‍රේල් 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ආගමීකරණය කිරීමෙන් වළකින ලෙසත් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ශ්‍රී ලංකාවට පොදු වුවත් ඒවා කිසිදු ජාතියකට හෝ ආගමකට අයත් නොවිය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හා උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන්  පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ උතුරේ පුරා විද්‍යා කැනීම් නිසා හටගෙන තිබෙන අර්බුද සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම පිණිස ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු  පිළිබද රාජ්‍ය අමාත්‍ය  විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය.

මෙහිදී දෙමළ දේශපාලන පක්ෂ වල මන්ත්‍රීවරු විශාල පිරිසක් අදහස් දැක් වූ අතර  සුරේන් රාගවන් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දෙමළ ප්‍රදේශවල කැණීම් කරන විට එය සිංහල නම් සහිත ප්‍රදේශ ගැසට් නිවේදන මගින් හඳුනා ගන්නා බවත් මෙය දෙමළ ජනතාව අතර විශාල සැකයක් ඇති කරන බවත් එබැවින් ගැසට් නිවේදනවල දෙමළ නම් භාවිතා කළ යුතු බවත්ය.

අනුරාධපුරයේ රුවන්වැලි සෑය  ඇතුළු බෞද්ධ විහාරස්ථාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පැවතුනද, එහි ආගමික වතාවත් සිදුකිරීමට සියළුම ජාතීන්ට  අවසර ලබා දී ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා උතුරේ දෙමළ පළාත්වල පිහිටි ආගමික ස්ථාන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතට ගනු ලැබූවත්  දෙමළ ජනතාව එම ස්ථානවලට ගොස් කාලයක් තිස්සේ වන්දනාමාන සිදු කළේ නම් ඒ සදහා එම ආගමික වතාවත් වල නිරත වීමට ඔවුන්ට අවසරය හිමි විය යුතුව ඇති බවද කියා සිටියේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පුරාවිද්‍යාව පිළිබඳ එම්.එස්.සී උපාධිය සම්පූර්ණ කර ඇති අය විවිධ රජයේ ආයතනවල දෙමළ සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කරන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා නිලධාරීන් ලෙස සුදුසුකම් ලැබීමට ඔවුන්ටඅවස්ථාව තිබියයුතු බවත් උතුරේ සංවර්ධන කමිටු රැස්වීම සඳහා පුරා විද්‍යා නිලධාරීන් සහභාගී වන්නේ නම් මේ අඩුපාඩුකම් මග හැරී යන බවත් අඩු නිලධාරීන් සංඛ්‍යාවක් යටතේ විශාල ප්‍රදේශ ගණනාවක් තුළ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කැණීම් කිරීම නිසා අසාර්ථකභාවයක් පෙන්නුම්කරණ බවත් සුරේන් රාගවන් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවට පීනා ගොස් ආපසු ලංකාවට පීනූ ගුවන් සෙබලා ආසියා වාර්තාවක් තබයි…

Next Post

ඉන්දීය සංචාරකයන්ට මෙරට පැමිණීමට බුබුළෙන් ඉඩ – ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ සංචාරයට බුරුළක් නෑ

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.