ජනාධිපති ආරක්ෂක අංශය භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කර එම වගකීම කුරුණෑගල දිසාව භාර නියොජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත වෙත පැවරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ආරක්ෂක කපොලු මගහැර ජනාධිපති මන්දිරය ඉදිරියේ විරෝධතාවයක් සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කණ්ඩායමක් පැමිණීම මුල් කරගෙන මේ තීරණය ගෙන ඇත.
මෙම මාර්ගයේ පළමු පොලිස් මාර්ග බධාකය හා හමුදා මාර්ග බාධකය මගහැර ඇයට ජනාධිපති මන්දිරය ඉදිරියට එන්නට හැකි වී ඇත්තේ ලබා දී ඇති ආරක්ෂාවේ දුර්වලකම හේතුවෙන් බවට ජානධිපති ආරක්ෂක කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට චෝදනා එල්ල වී තිබේ.
මෙම මාරු කිරීම පිළිබඳව අවසන් තීන්දුව ගෙන ඇත්තේ පොලිස්පතිවරයා නොවන බව ද දැනගන්නට ඇත.