අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල් ගේන්න මුදල් අච්චු ගහන්න වෙනවා… රටේ උද්ධමනය සියයට 70 තෙක් වැඩි විය හැකියි… මහ බැංකු අධිපති

by editor
ජූලි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරි කාලයේ දී උද්ධමනය සියයට 70 තෙක් වැඩිවිය හැකි බව     මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පැවසුවේය.

මේ වනවිට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩොලර් මිලදී ගැනීම සඳහා ඉල්ලා ඇති රුපියල් බිලියන 217ක මුදල පවතින මූල්‍ය ප්‍රවාහය යටතේ ලබා දිය නොහැකි  බැවින්   මුදල් අච්චු ගැසීමට සිදුවන බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය. එසේ නොවුනහොත් සිදුවනු ඇත්තේ මුළු රටටම ඉන්ධන නැතිවීම බව ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (7) පැවැති මාධ්‍ය හමුවේදී අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙම කරුණු සඳහන් කරමින් මෙසේ ද ප්‍රකාශ කළේය.

“මේ වෙද්දි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 217ක් ඉල්ලා තිබෙනවා. ඔවුන් මේ මුදල් ඉල්ලන්නේ ඩොලර් මිලිදී ගන්න. මේක භාණ්ඩාගාරයේ කෑෂ් ෆ්ලෝ එකේ තිබුණු එකක් නෙමෙයි. එතකොට කොහෙන්ද භාණ්ඩාගාරය එක්පාරට බිලියන 200ක් දෙන්නේ.

භාණ්ඩාගාරයට දෙන්න විදියක් නැති නිසා භාණ්ඩාගාරය මහ බැංකුවෙන් ඉල්ලනවා. මුදල් අච්චු ගහන්න කියලා ඉල්ලනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උදාහරණයක් විදියට ගිය සතියේ ඔය වගේම තෙල්වලට බිලියන 18.5ක් ඉල්ලලා තිබ්බා. ඒ බිලියන 18 දෙන්න මුදල් මණ්ඩලය තීරණය කළා. ඒක නොදුන්නා නෞකාවකට ගෙවන්න මුදල් නැති වෙනවා. ඒක ඊට වැඩිය බරපතළ ප්‍රශ්නයක් වෙනවා. ප්‍රතික්ෂේප කළ නොහැකි නිසා ගිය සතියෙත් බිලියන 18.5ක් දුන්නා.

ඉදිරියට එකත් ඉල්ලීම් අනුව මුදල් මණ්ඩලය සලකා බලයි.

2020/21 කාලයේ දී මුදල් අච්චු ගහලා තියෙන්නේ විදේශ විනිමය ණය ගෙවීමට. මහ බැංකුවෙන් විශාල වශයෙන් මුදල් අච්චු ගැහුවා ඒ සඳහා. රජයේ විදේශ ණය ගෙවීමට තමයි මුදල් අච්චු ගහලා තියෙන්නේ. ඒ වෙලාවේ ප්‍රතිපත්තිය විදේශ ණය ගෙවීම. අප්‍රේල් වෙනකං ඒක තිබ්බා. ඒ වෙලාවෙත් ආණ්ඩුව සතුව රුපියල් තිබ්බෙත් නෑ, ඩොලර් තිබ්බෙත් නෑ. ඩොලර් ගන්න රුපියල් තිබ්බෙත් නෑ.

මහ බැංකුවෙම අච්චු ගහලා ඒ රුපියල්වලින් ඩොලර් මිලදී ගෙන ඒක ආපහු මහ බැංකුවට දීලා අපේ තියෙන ඩොලර් ටික අරගෙන තමයි අප්‍රේල් වෙද්දි ඒ විදේශ ණය ගෙව්වේ.

ඒත් දැන් තියෙන තත්ත්වය එක්ක අපි මුදල් අච්චු ගහන්නේ අවශ්‍යතාව අනුව. අපි ඒක කරන්නෙත් ඒ කාලයේ වගේ අඩු පොලී අනුපාතික එක්ක නෙමෙයි. ගිය සතියෙත් ඉල්ලුවාම බිලියන 18ක් දුන්නා අපි. දැන් ආයේ බිලියන 217ක් ඉල්ලලා තියෙනවා.

ඒක දෙනවද නැද්ද කියලා තීරණය කරන්න අවශ්‍ය යි. දෙනවා නම් මෙන්න මේ හේතුව නිසා දෙනවා කියලා අපි කියනවා. නොදෙනවා නම් මෙන්න මේ හේතුව නිසා නොදෙනවා කියලා කියනවා. එහෙම නැති වුණොත් රටේ තෙල් නැති වෙන්නත් පුළුවන්.

ඉදිරි කාලයේ දී රටේ උද්ධමනය සියයට 70ක් දක්වා ඉහළ යා හැකි යි. මහ බැංකුව කරන්නේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. පොලී අනුපාතය වැඩි කරලා උද්ධමනය පාලනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා”.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාමකාමීව විරෝධතා දක්වන්න… ඔබේ අයිතියට ගරු කරනවා… පොලිස්පති කියයි…

Next Post

හිරුණිකා ජනාධිපති ආරක්ෂක අංශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනස් කරයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.