දිනසේන රතුගමගේ –
ස්විස්ටර්ලන්තයේ සිටින සිය සැමියාට වීඩියෝ දුරකතන ඇමතුමක් ලබා ගත් යාපනය ආනේකෝට්ටේ ප්රදේශයේ කාන්තාවක් සැමියා බලා සිටියදීම ගෙළ වැලලාගෙන මියගොස් තිබේ.
මෙම සිද්ධිය ඊයේ (01) සිදුවී තිබිණි.
සිය බිරිය ගෙළ වැළලාගෙන මිය යාමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු යාබද නිවසක අයෙකුට දුරකතන ඇමතුමක් ලබා දී සිද්ධිය ප්රකාශ කිරීමෙන් පසුව ඔහු පවුලේ අය සමග එම නිවසට වහාම පැමිණ තිබේ.
ඒ වන විට ලණුවක ආධාරයෙන් නිවසේ බාල්කයක එල්ලී සිටි කාන්තාව ලණුවෙන් ගලවා යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඇය පසුව මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ආනේකෝට්ටේ ප්රදේශයේ පදිංචි කතීස්වරන් නිලජිනී ලකිතා (40) නැමති දැරියන් තිදෙනෙකුගේ මවකි.
මීට පෙර අවස්ථාවකදී සිය මව සහ පියා වීඩියෝ දුරකතන ඇමතුම් ලබා ගත් අවස්ථාවේදී පැය කීපයක්ම බහින් බස් වීමක් සිදු වූ බව මියගිය කාන්තාව සමග සිටි එක් දියණියක් ප්රකාශ කොට ඇතත් ඊට හේතුව කුමක්දැයි ඇය නොදන්නා බවද පවසා තිබේ.
යාපනය ශීක්ෂණ රෝහලේදී හදිසි මරණ පරීක්ෂක ඒ.ජයපාලසිංහම් විසින් මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය මෙහෙයවනු ලැබීය.
යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි සටහන් කොට මියගිය කාන්තාවගේ මළ සිරුර අවසන් කටයුතු සිදු කිරීම පිණිස ඥාතීන් වෙත බාර දී තිබේ.