රක්ෂිත බන්ධනාගාරගතව සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (08) පෙරවරුවේ දී නියෝග කළේය.
අධිකරණ නීති උල්ලංඝණය කරමින් කොටුව පොලිස් බල ප්‍රදේශයේ උද්ඝෝෂණ ව්‍යාපාරකයට සම්බන්ධ වීමේ චෝදනා මත ස්ටාලින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ජනාධිපතිවරයාට බරපතල විවේචනයක් එල්ලවන්නේ ස්ටාලින් සමගම එකම විරෝධතාවයක නිරත වුනු සමන් රත්නප්‍රිය ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් වීමත් ජෝෂප් ස්ටාලින් සිරගත වීමත් ගැනය.
මේ අතර ඊයේ ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගතව සිටි ස්ටාලින්ට දුරකථනයෙන් අමතා තිබිණි.
ඔහුට අද ඇප ලැබෙනු ඇතැයි ජනාධිපතිවරයා සමගි ජන බලවේග මන්ත්‍රීවරුන්ට ඉඟි පල කර තිබුණු බව වාර්තා විය.
මේ ප්‍රවෘත්තියත් බලන්න…
ජනාධිපති රනිල්ගෙන් හිරේ ඉන්න ජෝෂප් ස්ටාලින්ට දුරකථන ඇමතුමක්!







