දනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගුරු වෘත්තීය සමිති කැඳවුම්කරු ජෝෂප් ස්ටාලින්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමතුමක් ලබා දී ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
ගාලු මුවදොර අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ ජෝශප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීමට පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඔහුගේ අත්අඩංගුවට ගැනීම නීතිමය කාරණයක් මත සිදු වූ දෙයක් බවයි.
එලෙසම අරගලයේ නීති උල්ලංඝනය කළ අය සෙසු අයගෙන් වෙන් කර හඳුනා ගැනීමේ යම් ගැටලුකාරී තත්ත්වයක් පවතින බව ස්ටාලින් සමඟ පවසා ඇතැයි පුවත්පතෙහි සඳහන් වේ.
වැඩිදුරටත් ස්ටාලින් මහතා සමඟ සාකච්ඡා කළ ජනාධිපතිවරයා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පැවති රජයට එරෙහිව සිදු කළ අරගලය සම්බන්ධයෙන් ද අදහස් දක්වා තිබේ. අරගලයේ හොඳ නරක දෙකම පවතින බවත් අවධානය යොමු කළ යුත්තේ එම අරගලයේ හොඳ පැත්ත පිළිබඳ පමණක් බවත් එහිදී පවසා ඇත.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ බොහෝ විට හෙට (සඳුදා) ජෝෂප් ස්ටාලින්ට ඇප ලැබෙනු ඇතැයි ජනාධිපති වික්‍රමසිංහ සමඟි ජන බලවේග මන්ත්‍රීවරුන්ට ඉඟි පළ කළ බවයි.