ඉදිකිරීම් දැඩි ලෙස ප්‍රමාද වී ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම දක්වා මුල කොටසේ වැඩ කටයුතු යළිත් නතර වීමේ අවධානමක් මතුව ඇත.
මේ තත්ත්වයට හේතු වී ඇත්තේ චීන එක්සිම් බැංකුවෙන් අපේක්ෂා කළ ඩොලර් මිලියන 51 ක ණය මුදල ලබාදීම අත්හිටුවිමට චීන බැංකුව මේ වනවිට තීරණය කර ඇති නිසා බව සඳහන් වේ. ශ්‍රි ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සහ ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් මේ වනවිට නිර්මාණය වී ඇති තත්ත්ව මත මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා අපේක්ෂා කරන ලද මෙම ණය මුදල ලබා දීම අත්හිටුවීමට චීන බැංකුව තිරණය කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.
ශ්‍රි ලංකාවෙ අරමුදල් ආයෝජන මත මේ වනවිට සිදුකරගෙන යන වැඩ ප්‍රමාණය එම මුදල් අහවර වීමත් සමඟ නවතින තත්ත්වයක් මතුව ඇති අතර ඒ හේතුවෙන් එහි රැකියා කරන දෙදහසක් පමණ වන ශ්‍රි ලාංකිකයන්ගේ රැකියා අහිමි වීමේ අවදානමක් මතුව තිබේ. මෙහි ප්‍රධාන ඉදිකිරීම්කරුවා වන චීන එම්.සී.සී සමාගම සහ ඊට අනුබද්ධ සේවයන්හි සේවය කළ චීන ජාතිකයන් ව්‍යාපෘතිය අතතහැර ආපසු සිය රට බලා යන තත්ත්වයක් මතුව ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වනවිට මෙම ව්‍යාපෘතියේ සියයට 32ක් එනම් රුපියල් මිලියන 33ක වියදමක් මේ වනවි ශ්‍රි ලංකා රජය විසින් වැය කරනු ලැබ ඇති අතර එම මුදල ද අවසන් වී ඇති බව සඳහන් වේ.