අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සිය ඥාතියෙක් බව ආදිවාසී නායක වන්නිලා ඇත්තෝ අද (07) මාධ්‍යයට පැවසූහ. ඔහු මේ බව පැවසුවේ වාර්ෂිකව සිදුකරන සම්ප්‍රදායික මී පැණි පූජාවට පසුව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
වසන්ත මුදලිගේ ආදිවාසී පරම්පරාවේ අයෙක් නොවුනත් ඥාතිවරයෙක් බව ඔහු කීවේය.
වසන්ත මුදලිගේ යනු මේ වකවානුවේ ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙයවන දිදුලන ක්‍රිකාරී ශිෂ්‍ය නායකත්වය ය. වසන්තගේ ගමත් දඹානය. ඔහු සම්බන්ධව ආදිවාසී නායකයා ලෙස සිය මතය කුමක් දැයි මාධ්‍යය ඇසූ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් ආදිවාසී නායක ඇත්තන් පැවසුවේ. එය සම්බන්ධව තමන් යමක් කීම නුසුදුසු බවය.
තරුණයින් විවිධ මතවාද ඔස්සේ ගමන් කරන බව ආදිවාසී නායකවරයා පැවසීය. තරුණයින්ගේ ඒ මතවාද සම්බන්ධව තමන් ප්‍රකාශ නිකුත් කිරීම නිවැරදි නොවන බව ද වන්නිලා ඇත්තෝ කීහ.