දිනසේන රතුගමගේ –
එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමට ඉන්දියාවේ සිට කටයුතු සැලසුම් කිරීමේ චෝදනාව යටතේ ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් 14 දෙනෙකුට ඉන්දීය රජය විසින් නඩු පවරා තිබේ.
ඉන්දීය ජාතික විමර්ශන ඒකකය විසින් ඉන්දියාවේ මණ්ඩපම් තිරිච්චි සරණාගත කදවුර ආශ්‍රිතව කළ සෝදීසියකදී සැකකටයුතු දුරකතන 62 ක් හා සිම් කාඩ්පත් 54 ක් ලැප්ටොප් පරිගණකයක් සොයා ගෙන ඇති අතර ඒවා දැඩි පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුව ඒවායෙහි අයිතිකරුවන් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට යළි පණ දීම සදහා කටයුතු කොට ඇති බවට තොරතුරු හෙළි කරගෙන තිබේ.
පසුව ඉන්දීය රහස් පොලීසිය විසින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමෙන් පසුව ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත.
මේ පුද්ගලයින් 14 දෙනාම ඉන්දියාවේ තිරිච්චි විශේෂ රැඳවුම් කඳවුරක රඳවා සිටි සැකකටයුතු පුද්ගලයින් 127 දෙනා අතර සිටි අය වන අතර ඔවුන්ගේ ඥාතීන් ඉන්දියාවේ සිට ආපසු ශ්‍රී ලංකාවට පැමිණ ඇතත් ඔවුන් එහි තවදුරටත් රැඳී සිටි පිරිසක් බවට තොරතුරු අනාවරණය වී ඇත.