කීර්ති ප්‍රනාන්දු –
කාන්තාවකට දුරකථනයෙන් බැණ තර්ජනය කිරීමක් සම්බන්ධව නවගමුව පොලිස් ස්ථානය තුළ පැමිණිල්ලක් විභාග කරමින් සිටිය දී එම කාන්තාව හා පැමිණි අයෙක් එල්ල කළ පිහි පහරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ අවිස්සාවේල්ලේ කිතුල්ගල පදිංචි ජයන්ත පෙරේරා නැමැති 52 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා තමන්ට දුරකථනයෙන් බැන තර්ජනය කිරීමක් සම්බන්ධව එම කාන්තාව නවගමුව පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
ඒ අනුව අනුව දෙපාර්ශවය පොලිසියට ගෙන්වා පොලිස් සැරයන්වරයෙක් විසින් නඩු විභාග කිරීම අරඹා තිබේ.
පැමිණිල්ල විභාග කරන අතර කාන්තාව හා පැමිණි කාන්තාවගේ අනියම් පුරුෂයා ලෙස හඳුනාගෙන සිටින තැනැත්තෙක් චූදිත පුද්ගලයාගේ පිට හරහා පිහි පහරක් එල්ල කර ඇත.
බරපතල තුවාල සහිතව පිහි ඇණුම් කෑ තැනැත්තා නවගමුව රෝහලට ඇතුළත් කර තිබේ. රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මිය ගිය බව පොලිසිය කියයි.
නවගොමුව පොලිසිය විසින් සැකකාර පුද්ගලයා පිහියත් සමග අත්අඩංගුවට ගෙන තිබේ.