කීර්ති ප්‍රනාන්දු –
ගෑස් මිල අඩුවීම නිශ්චිතව නිවේදනය කරන්නේ අද සවස සවස 4.30න් පසුව බවත් එතෙක් එය රහසක් සේ තබා ගන්නා බවත් ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.
තමන් මෙම ධුරයේ වැඩ භාරගෙන දැනට දින 22ක් පමණක් බව පවසන සභාපතිවරයා මේ වනවිට ලිට්රෝ සමාගම ලාභ ලබන තත්ත්වයට පත් වී ඇති බවත් එහි ප්‍රතිලාභය විනිමය වෙනසත් සමග පාරිභෝගිකයා හා බෙදා ගැනීම මෙම මිල අඩු කිරීමේ අභිලාෂය බවත් කියයි.
මේ වනවිට ගෑස් තදබදය සියයට සීයකින් අඩු වී ඇත්තේ කෙටි කාලීන වැඩපිළවෙළ සාර්ථක වී ගෑස් සිලින්ඩර මිලියන 2.9ක් වෙළෙඳපලට නිකුත් කිරීමට හැකි වී තිබීම නිසා බව පවසන සභාපතිවරයා ඉදිරි මාස 16ක කාලය රට ගෑස්වලින් සුරක්ෂිත බව වගකීමකින් යුතුව ප්‍රකාශ කරන බව කිවේය.
“තවත් ගෑස් තොග දිගින් දිගටම එන්න නියමිතයි. මේ කළේ කෙටි කාලීන සැලසුමක්. ඔක්තොම්බර අන්තිම වනවිට මෙම කෙටි කාලීන සැලසුමේ සම්පූර්ණ වෙනවා. ඉන් පස්සේ නව සැපයුම්කරුවෙක් සඳහා ටෙන්ඩර් කැඳවීමට මේ වනවිට සැලසුම් කර තිබෙන්නෙ. වගකීමෙන් කියන්න පුලුවන් ඊලඟ මාස 16ටම ගෑස් වලින් රට සුක්ෂිතයි කියන එක.
අවසන් මෙහොත දක්වා මිල අඩුවීම නිවේදනය නොකරන්නේ විනියම වෙනසේ උපරිම වාසිය පාරිභෝගිකයාය වෙත ලබා දීමේ අභිප්‍රායෙන් බව කියන සභාපතිවරයා එම මිල අඩුවීම රුපියල් 200 -300 අතර වනු ඇති බව පැවසුවේය.







