ලෝකයේ විශාලතම පාවෙන සූර්ය බලාගාරය ඉන්දියාවේ කන්ද්වා හි නර්මදා ගංඟාව මත ඉදිකිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මේ ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 3000ක් වැය වෙන අතර එමඟින් 2022-23 කාලයේදී මෙගාවොට් 600ක විදුලි බලයක් නිපදවමින් මධ්‍ය ප්‍රදේශ හි හා ප්‍රාන්තයෙහි විදුලිබල ගැටළුව විසදිය හැකි වෙනු ඇතැයි පැවසේ.
නර්මදා නදියේ නිර්මාණය කර ඇති ‘ඕම්කරේෂ්වර් වේල්ල’ ව්‍යාපෘතිය මඟින් ජල විදුලිය නිපදවනු ලබන අතර එමඟින් මෙගාවොට් 300ක පමණ විදුලි බල සැපයුමක් සිදු කෙරේ.
නවතම සූර්ය බලාගාරය ස්ථාපිත වීමෙන් පසුව මධ්‍ය ප්‍රදේශ් හි පිහිටි ‘කන්ද්වා’ දිස්ත්‍රික්කයේ තාප විදුලි බලාගාරයක් හා ජල විදුලි බලාගාරයක් හා සූර්ය බලාගාරයක් ද පිහිටි එකම දිස්ත්‍රික්කය බවට පත් වේ. එලෙසම මෙගාවොට් 4000කට වැඩි විදුලි බලයක් නිපදවන එකම දිස්ත්‍රික්කය ද වේ.